රත්රන් නිධියක් සේරුවාවිලෙන් මතුවේ.. වටිනාකම ගණනය කල නොහැකියි..
January 10, 2021 at 2:10 pm | lanka C news
වර්ග කිලෝමීටර් 54ක් පුරා විහිදී පවතින රත්තරන් ලෝහය සහිත දැවැන්ත නිධියක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල ප්‍රදේශයේ පවතින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් තහවුරු කරගෙන ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෑතක දී සිදු කරන ලද නැවත සමීක්ෂණයකදී හෙළිකරගත් කරුණු අනුව මෙම නිධිය තුළ රත්තරන්වලට අමතරව තඹ ලෝහය ද විශාල වශයෙන් පවතින බව තහවුරු කර ගෙන තිබේ.
මෙම රත්තරන් නිධිය සම්බන්ධව 1950 ගණන්වල මුලින්ම කරුණු අනාවරණය කරගෙන ඇතත් මෙතෙක් පැවැති කිසිදු රජයක් මෙම රත්තරන් නිධිය කැණීම සඳහා කිසිදු පියවරක් ගෙන නැත.
දැනට ලෝක වෙළෙඳ පොළේ ඉහළම වටිනාකමක් සහිත ලෝහ වර්ග දෙකක් වන රත්තරන් හා තඹ විධිමත් පරිදි මෙම නිධිය තුළින් කැණීම් කටයුතු කළහොත් අධික ණය බරින් පීඩාවට පත්ව සිටින අපේ රට ඉතාම කෙටිකලක් තුළ ආර්ථික වශයෙන් ඉහළ මට්ටමකට ගෙන ආ හැකි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විද්‍යාඥයෝ පවසති.
මේ අතර බුත්තල කූරම්පොළ සහ හලාවත පනිරෙන්ඩාවේ පැතිර පවතින යපස් නිධි දෙකක කැණීම සම්පූර්ණයෙන්ම රජය යටතේ සිදුකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පනිරෙන්ඩාව යපස් නිධිය වර්ග කිලෝමීටර් 26 ක් පමණ පුරා පැතිර පවතින බවත් අවම වශයෙන් යකඩ ටොන් මිලියන 86 ක් එහි තැන්පත් වී ඇති බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇති බව එම නිලධාරීන් විසින් පරිසර හා කර්මාන්ත අමාත්‍යවරුන්ට දැනුම් දී ඇත.
මෙම යපස් නිධි රටේ ආර්ථික සංවර්ධනය සඳහා උපරිම ප්‍රයෝජනය ලැබෙන පරිදි යොදාගැනීමට පරිසර අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය අතර එකඟතාවක් ඇතිකරගත් බව මේ පිළිබඳව කරුණු දක්වන පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
කූරම්පල සහ පනිරෙන්ඩාව යපස් නිධි කැණීම් කටයුතු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡුාවක් පවත්වා ඇති අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ යන අමාත්‍යවරු මෙන්ම අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් වන ආචාර්ය අනිල් ජාසිංහ, අනූෂ පැල්පිට සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ යන මහත්වරුන් ඊට සහභාගි වී ඇත.
ඇමෙරිකාව මගින් යෝජනා කර ඇති එම්. සී. සී. ආර්ථික කොරිඩෝවට මෙම රත්තරන් නිධියට අමතරව කළු රත්තරන් ලෙස ප්‍රකට පුල්මුඬේ ඉල්මනයිට් නිධිය ද අයත් වන බව මේ අතර පරිසරවේදීහු පෙන්වා දෙති.
– divaina
තනියම විකුණාගෙන කෑවොත් බඩේ අමාරව හැදෙයි කියල කොටින්ගෙන් ගත්ත රත්තරං ටොන් 20000 න් කිලෝ දෙක තුනක් කුඩුකරල කැළණි ගගට දාල ඒව ගරල ගන්න මිනිස්සුන්ට ලයිසනුත් දුන්නා. මේකත් ඒවාගේ උප්පරවැට්ටියක් තමයි.
දන්න මගුලක් කියපන් ජෙප්පා.
රත්තරන් නිධි වල රත්තරන් මාල, මුදු, කරාබු නෑ.
පස් සමග මිශ්‍ර වූ රන් අංශු තියෙන්නේ. පච විදලා අතේ මාට්ටු.
කැට හොල්ලන හිඟන ජවිපාවා දන්න තරම තමයි 🤣🤣🤣
ඌ හිතන් ඉන්නෙ රත්තරන් නිධියෙ රත්තරන් කුඩු තියේ කියලා 🤣🤣🤣 හිඟන හු#තලා…
තනියම විකුණාගෙන කෑවොත් බඩේ අමාරව හැදෙයි කියල කොටින්ගෙන් ගත්ත රත්තරං ටොන් 20000 න් කිලෝ දෙක තුනක් කුඩුකරල කැළණි ගගට දාල ඒව ගරල ගන්න මිනිස්සුන්ට ලයිසනුත් දුන්නා. මේකත් ඒවාගේ උප්පරවැට්ටියක් තමයි.
කැට හොල්ලන හිඟන ජවිපාවා දන්න තරම තමයි 🤣🤣🤣 ඌ හිතන් ඉන්නෙ රත්තරන් නිධියෙ රත්තරන් කුඩු තියේ කියලා 🤣🤣🤣 හිඟන හු#තලා…
ඉන්දියාව 13 ට මුවාවෙලා එන්නෙ ඕකට කෙලින්න තම්යි
M C C ටිකිරිමොලේ දැන් කොහොමද? හෙලයන්ව මුන්ට රවටන්න බැහැ.
උස නම් සිකුරිටි,මිටි නම් කම්කරු දාගෙන සදා ලෝක පූජිත ගම් හදන්න ඔය ස්ථානෙ දැම්මම වෙන කර ගනියි.සජිය ගැන ඇහැ ගහන් ඉඳිල්ල.
Ape ayyage kale chanda lanwenakotat thel lin godak matu una……………mage wasanawa thamai raththaran matuwune…………tika kalayak gonnu tika rawattanda puluwan………..
ඇත්තටම හොයාගත්තනම් ඉස්සෙල්ලාම සෙට්ටපොච්චි වෙන්නෙ හොයාගත්ත එකාව. ඒව අයිති රජ්ජුරුවන්ට
මුන් හදන්නෙ මහපොලොව හාරගෙන ඒ ලොකු වලත් විකුණ ගන්නයි