රථවාහන අවම දඩය විසිපන්දාහ තෙක් ඉහල දැමේ…

August 10, 2017 at 3:00 pm | lanka C news
රථවාහන අවම දඩය විසිපන්දාහ තෙක් ඉහල දැමේ…

රථවාහන වැරදි කිහිපයක් සදහා අවම දඩ මුදල රුපියල් 25,000 තෙක් වැඩි කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

මෙසේ අවම දඩ මුදල ඉහල දමා ඇත්තේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, රියදුරු බලපත්‍රයක් නැති පුද්ගලයින් සේවයේ යෙදවීම, මත්ද‍්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, දුම්රිය හරස් මාර්ගයකින් අපරික්ෂාකාරීව ඇතුළු කිරීම, වලංගු රක්ෂණාවරණයක් නැති වීම යන වැරදි සදහායි.

වමෙන් ඉස්සර කිරීම, අධික වේගයෙන් පැදවීම, නොසැලකිලිමත්ව ධාවනය, බාලවයස්කරුවන් රිය පැදවීම යන වැරදි සදහා අවම දඩ මුදල රුපියල් 2500ක් දක්වා ඉහළ දමා ඇත.

508 views
Main News