රථවාහන රියදුරු දඩ මුදල් ඉහලට..

January 23, 2019 at 3:50 pm | lanka C news
රථවාහන රියදුරු දඩ මුදල් ඉහලට..

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන ‍රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.‍ මේ සියල්ල සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරි සති කිහිපයේදී ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අනාවරණය කළේය. ඒ හඳුනානොගත් වාහනවලින් අනතුරට ලක් වූවන් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක් වෙමිනි.

හඳුනානොගත් වාහනවලින් අනතුරට ලක් වූවන් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම අද (23) පැවැත්වුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් එය සංවිධානය කෙරිණ. එහිදී හඳුනානොගත් වාහනවලින් මිය ගිය 04 දෙනකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 02 බැගින්ද බරපතල තුවාල ලැබූවන් දාසය දෙනකුට ලක්ෂය බැගින්ද අද ප්‍රදානය කෙරුණු අතර වන්දි ලැබූ සම්පූර්ණ ගණන විසි දෙනෙකි. පැමිණි පිරිස අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ යුද්ධයෙන් මිය සංඛ්‍යාවට වඩා විශාල පිරිසක් අද වන විට වාර්ෂිකව රිය අනතුරුවලින් මිය යන බවයි.

“රියදුරන් හැටියට අපි මීට වඩා පරික්ෂාවෙන් රිය පදවන්න ඕන. එසේ නොමැතිව මහ මඟ ජීවිත බිලි ගනිමින් විනය විරෝධීව රිය පදවන රියදුරන්ට එරෙහිව අපි ඉදිරියේදී දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. සමහර වෙලාවට මම ගන්නා ඒ තීරණ ජනප්‍රියම නීති නොවෙන්න පුළුවන්. නමුත් ඒ තීරණ කිසිම අවස්ථාවක විනයගරුක රියදුරන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩි කරන දඩ හෝ රියදුරු බලපත්‍රය අහෝසි කිරීම වැනි දේවල්වලින් ප්‍රශ්න ඇති වෙන්නේ විනය විරෝධීව රිය පදවන රියදුරන්ට විතරයි. දැන් බලන්න දියුණු රටවල් කරන වැරදි අනුව මාස හයකට හෝ අවුරුද්දකට ලෙස රියදුරු බලපත්‍රය අහෝසි කරනවා. නමුත් එවැනි ක්‍රමවේදයක් අපේ රටේ නැහැ. මම අපේක්ෂා කරන්නේ ඉදිරි මාස කිහිපය තුළධී එවැනි ක්‍රමවේදයක් අපේ රටටත් හඳුන්වා දෙන්න…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කොදාගොඩ මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිළධාරින් පිරිසක් සහභාගි වූහ.

– තමිර මංජු

23,019 Viewers

10 Comments to “රථවාහන රියදුරු දඩ මුදල් ඉහලට..”

  1. Kings says:

    Good Decision. Enforce it as soon as posible

  2. very good decision.
    enforce it asp/ like in Australia cancel the licence and ,send them to jail
    have no sympathy for such errant drivers

  3. Aurora says:

    වේග සීමා නියම ලෙස ක්‍රියාත්මක කල යුතුය. එසේම 70 ලෙස දැනට තිබෙන වේග සීමාව පොලිස් නිලධාරීන් හට දඩ ගැසීම සඳහාම ඇති එකකි. 70 පැන්න පසු 100 ට ගියත් කමක් නැහැ යන හැඟීමෙන් රියදුරන් ගලවාගත යුතුය. 70 ලෙස වේග සීමාව තබාගැනීමේ ප්‍රයෝගික අපහසුව රියදුරන් හට මිස ඇමතිවරයාට නැත. මීටරයේ 60 පසු තිබෙන්නේ 80 නිසා 70 ඉතා පහසුවෙන් පසුවී යයි. එය 80 ලෙස සංශෝධනය කිරීමෙන් 70 පැන්නට පසු 100 ට ගියත් කමක් නැහැ යන මානසික තත්වයෙන් රියදුරන් ගලවාගත හැකිය. දඩ නම් ඇමතිට ඕන කරන්නේ 70 හොඳාඳාඳාඳායි.

  4. Kadiya says:

    ශ්‍රී ලංකාවේ මාර්ග නීති අංග විකල ඒවා හෙයින් එම අංග විකල නීති මාර්ග අනතුරු ඉහල නැන්ගීම සඳහාම ඉතාමත් ඉහලින් දායක වෙයි. දුම්රිය ගේට්ටු සහ colour lights හේතුවෙන් මෝටර් රථ, බස් රථ, ලොරි ආදිය නැවැත්වූ විට ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් එම නවතා ඇති සියලුම වාහන පසුකර මහා අච්චාරුවක් සාදති. වර්ණ එලි නැවත මාර්ගය ඔස්සේ යාමට කොලපාට දැල්වූ පසු ඇතිවන කෝලාහලය අති මහත්ය. දියුණු රටවල මෙන් සියලු වාහන තමුන් ආ පිළිවෙලටම නවත්වා තබා නැවත කොලපාට දැල්වූ පසු ඉදිරියට යයි නම් මේ අලකලංචිය මඟ හරවා ගත හැකිය. වර්ණ එලි සමඟම CCTV කැමරා සවිකර දඩ ගැසීම ක්‍රමවත් කල හැකිය. කරනවානම් ඔන්න වැඩ.

  5. අප්පුහාමිගෙ මුණුපුරා says:

    ඔබගේ පප්‍රජාශයට ගරු කරමි.
    සියලු කොමෙන්ට් වලටද ගරු කරමි.
    සිතු සිතු තැන මහ මග අවහිර ජර නවත්තන වාහන වලා ද ගැසුවොත් මහමග පොදු වේගය අඩාල කිරීම නවත්වා ගත හැක.
    සියලු රියදුරන් කරන්නේ අනෙකාට බාධා කිරීම හා අනෙකාගේ. මග ඇහිරීමය

  6. Gayantha says:

    මිනීමැරුම් චෝදනා තියෙන ඇප පිට ඉන්න කෙනෙක් දඩ වැඩි කරන්නලු.
    ඊයේපෙරේදා වැඩි කරපුව දඩ වල ලිපි අරන් කියවනවා.

Main News