රථ වාහන දඩ මුදල් 400%කින් වැඩි කරලා..

September 8, 2018 at 6:29 am | lanka C news
රථ වාහන දඩ මුදල් 400%කින් වැඩි කරලා..

සමස්ථ ලංකා යතුරු පැදිකරැවන්ගේ සංගමය විසින් මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

තොරතුරු නිලධාරියා හෝ ප්‍රධානියා,
මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව,
කොළඹ.

ගරු මහත්මයාණෙනි/මහත්මියෙනි,
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන තොරතුරු ඉල්ලීමයි

මාර්ග අනතුරු අඩු කිරීමේ අරමුණෙන් 2018 ජුලි 15 වනදා සිට ස්ථානීය දඩ මුදල් අය කිරීම් 400% වැඩි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.

මේ අනුව ඉල්ලා සිටිනා තොරතුරු –

1. 2018 ජුනි 15 වනදා සිට 2018 ජූලි 14 වනදා දක්වා සිදුවූ මාර්ග අනතුරු සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව පිළිබඳව සම්පූර්ණ දත්ත. පොලිසියට වාර්තාවූ දත්ත හා රක්ෂණ සමාගම්වලට වාර්තාවූ දත්ත වෙන වෙනම.

2. දඩ මුදල් වැඩි කෙරූ දිනයේ, 2018 ජුලි 15 වනදා සිට 2018 අගෝස්තු 15 වනදා දක්වා, සිදුවූ මාර්ග අනතුරු සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව පිළිබඳව සම්පූර්ණ දත්ත. පොලිසියට වාර්තාවූ දත්ත හා රක්ෂණ සමාගම්වලට වාර්තාවූ දත්ත වෙන වෙනම.

3. 2017 ජුනි 15 වනදා සිට 2017 ජූලි 14 වනදා දක්වා සිදුවූ මාර්ග අනතුරු සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව පිළිබඳව සම්පූර්ණ දත්ත. පොලිසියට වාර්තාවූ දත්ත හා රක්ෂණ සමාගම්වලට වාර්තාවූ දත්ත වෙන වෙනම.

4. 2017 ජුලි 15 වනදා සිට 2017 අගෝස්තු 15 වනදා දක්වා, සිදුවූ මාර්ග අනතුරු සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව පිළිබඳව සම්පූර්ණ දත්ත. පොලිසියට වාර්තාවූ දත්ත හා රක්ෂණ සමාගම්වලට වාර්තාවූ දත්ත වෙන වෙනම.

මෙයට,
චිරන්ත අමරසිංහ
සභාපති

151 views

6 Comments to “රථ වාහන දඩ මුදල් 400%කින් වැඩි කරලා..”

  1. වැඩිවෙන තරමට පාරේ ඉන්න රාලහාමිලාගේ කල්ලමරේ තමයි. දූෂනය මුලු රටම වෙලාගෙන.

  2. ජනක says:

    ආන්ඩුව විශාල වැරදි කරන බව සත්‍යයි අපි ඒවාට විරුද්ද බවත් බනින බවත් සත්‍යයි නමුත් රථ වාහන වැරදි සම්බන්දයෙන් 400% නෙවෙයි 1000% වැඩි කරත් අපි කිසිම විරොදයක් නෑ. කොළඹ නගරාශ්‍රිතව කලින් කහ ඉරේ වාහන නොනවත්වා යාමේ විශාල ප්‍රවනතාවක් තිබුනා ,කහ ඉර පනින මිනිසුන් අතරින් ත්‍රිවිල් මොට බයිසිකල් ගියා නමුත් අදවනවිට එක පුද්ගලයෙක් කහ ඉරේ වාහනය නවත්තුවහොත් අනෙක් පුද්ගලයාද තම වහනය නැවැත්වීමට 99% ප්‍රවනතාවක් තිබෙනවා නොනවත්වා යන්නේ 1% වන ඔය චිරන්තාවගේ අය තමයි .මෙය සිදුවන්නේ දඩ මුදල වගේම පොලිසිය දඩයක් වෙනුවට උසාවි දාන්නත් ප්‍රවනතාවක් තිබෙන නිසාත් බොහෝ පදික මාරු ඉදිරියෙන් පොලිසිය බලාගෙන සිටින නිසාත් .එනිසා අදික දඩ මුදල් ඉතාම සාර්ථකයි .නමුත් 400% ප්‍රමාණවත් මදි ලෝකයේ බොහෝ රටවල දඩ මුදල් ඉතාම අදිකයි .ම්නිස්සු ඉතාම විනය ගරුකව වාහන පදවන්න සදාචාරය වගේම දඩ මුදල අදික වීමත් හේතුවක් .චිරන්ත වගේ ය මෝටර් සයිකල් කරුවන්ට නිවැරදි මෝටර් සයිකල් පැදවීම ගැන උගන්වන්න කරලා තියෙන්නේ මොනවද ?
    පලමුවෙන්වම ඔය අනතුරුවලට ලක්වන මොටසයිකල් කරුවන් ගේ වැරදි නවත්වන්න වැඩපිළිවෙලක් කරනවා .ඔය පාපැදි කරුවන්ගේ සංගමයේ සබාපතිගේ වගකීම දඩ මුදල අවම කර වැරදි කරන්න තම මොටසයිකල් කරුවන්ට අවස්ථාව හදල දෙන එක නෙවෙයි ඒ මිනිසුන්ගේ ජිවිත රකල දෙන එක .අන්න එක කරලා ඉන්නවා ඉස්සරවෙලාම දැනුවත් කිරීමේ වැඩමුළු තියලා මොලේ ඇතිව පාරේ යන හැටි උගන්වලා .තමුසේ එක දන්නේ නැතිව ඇති එකට පිටරටින් උපදේශකයෝ ගෙන්වලා උගන්වනවා ඔය ලියුම ලිය ලියා ඉන්නේ නැතිව

    • Hasa says:

      අනිවාර්ය යෙන්ම අපේ රියදුරන් ට කිසිම් විනයක් නෑ.. පුදුම හදීසියක් තියන්නේ… අනිත් මිනිස්සු ගැන තැකීමක් නෑ…. දියුනු හැම රටකම ගොඩක් තැනවල cctv මගින් වැරදි හදුනා ගෙන කෙලින්ම දඩ කොලේ ගෙදරටම එනවා.. ගෙඋවේ නැත්නම් black list වෙනවා. ඒ වගේම දඩ මුදලත් බොහොම වැඩී.. අපී දියුනු නෑ තමා . නමුත් මේ සිද්ද වෙන මාර්ග අනතුරු වල හැටියට මේ දඩ මුදල 1000% වැඩි කරත් කමක් නෑ.

    • ජෙහාන් says:

      ඇයි ත්‍රිවිල් වලින් සහ පුද්ගලික බස් මගින් මිනිස් ජිවිතයට එල්ලවන ත්‍රස්ත තර්ජනය ගැනත් කියන්නේ නැත්තේ .ත්‍රිවිල් මෙරටට ගෙන්වීම තහනම් කරන්න ආණ්ඩුවට කොන්දක් නැද්ද ?ඇමතියෝ පාරේ යන්නේ නැද්ද ? වයස් 35 ට අඩු අයට කුලී ත්‍රිවිල් රථ පැදවීමට තහනම් කරන්න ආණ්ඩුවට කොන්දක් නැද්ද
      සමස්ත වැඩකළ හැකි තරුණ ප්‍රජාවම ත්‍රිවිල් කාරයන් කරලා රටේ ඉදිකිරීම් සඳහා සහ කර්මාන්තශාලා වල වැඩ කිරීමට පිටරට වලින් මිනිසුන් රැගෙන එම රාජ්‍ය පාලනයද ?
      ජනාදිපති 35 නිතිය නැවැත්තුවේ මොකද ?ඔහු කරන දේ ඔහු දන්නවද ?

  3. එකඑක සංගම්වල එක එකාට ඕන විදිහට රටක නීතිරීති හදන්න බෑ. වැරදි නොකර ඉන්නවනම් දඩ වදින්නෙ නෑනෙ.

  4. සුනෙත් says:

    මොටසයිකල් කාරයෝනට ඉස්සරවෙලාම පාරේ යන හැටි උගන්නන්න
    ලයිසන් එක ගන්නේ හොරට .මෙලෝ නීතියක් දන්නේ නෑ .යන්නේ වාහන අස්සෙන් රිංග රිංගා හිතාගෙන ඉන්නේ එක මහා ලොකු හපන් කමක් කියල .අතුරු පාරකින් ප්‍රධාන පාරකට ප්‍රවිෂ්ට කරන්න දන්නේ නෑ දානේ වැරදි පැත්තෙන් සමහරු හරවන පාරට ආදී දෙසීයක් විතර තියලා ලෙහෙසි අවස්ථාවක පාරේ වැරදි පැත්තට බයිසිකලය දමාගෙන වැරදි පැත්තෙන් ධාවනය කරනවා අර හරවන අතුරු පාර ලඟා වෙනකම් .
    අනික් කාරණය බයිසිකල් කරුවන් අතුරු පාරකට හැරවීමේදී අඩිය බිම තියලා ඉදිරියට එන වාහනය තමුන්ව පහුකරලා යනකම් ඉන්න දන්නේ නෑ ආපු ගැම්මටම හරවනවා ඉදිරියෙන් එන වාහනය ගැන හිතන්නේ නැතිව .වැඩියක්ම බයිසිකල් කාරයෝ /ත්‍රිවිල් කාරයි මැරෙන්නේ ඒ විදියට.
    වාහන ඉස්සරකරන්නේ අන්ත මෝඩ විදියට ඉදිරිපස බලා එක කරන්නේ නෑ එක කරන්නේ මරාගෙන මැරෙන කොටි වගේ අන්තිමේ මුන් වලවල් වල මේ සබාපතියා උන්ව තවත් මරවන්න දඩ අඩුකරන්න ඉල්ලනවා .මේක මෝඩයන්ට ගිය රටක් .මේවගේ මෝඩ යක්කුන්ව මේ සංවිදාන වල සබාපති කරන්නේ ඊටත් වඩා මැට්ටෝ

Main News