රදගුරු නිවසේ අයෙකුට කොරෝනා… සියළු පිරිස් කොරෝනා පරීක්‍ෂණයට.. රදගුරු නිවස Lockdown

October 9, 2020 at 11:20 am | lanka C news
රදගුරු නිවසේ අයෙකුට කොරෝනා… සියළු පිරිස් කොරෝනා පරීක්‍ෂණයට.. රදගුරු නිවස Lockdown

මන්නාරම රදගුරු නිල නිල නිවාසයේ අයෙකුට කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද (09) දින තහවුරු වීමත් සමග රදගුරු නිවසින් කිසිවෙකුටත් පිටවීම හා ඇතුල්වීම නවතා දමා ඇති බව මන්නාරම් පොලීසිය පවසයි.

කටුනේරිය ප්‍රදේශයේ පදිංචි සිංහල ජාතිකයෙකු වූ මේෂන් බාස් වරයෙකුට මෙලෙස කොරෝණා වයිරසය වැළඳී ඇති අතර ඔහුට පැවති උණ රෝගී තත්වයක් හේතුවෙන් මන්නාරම් රෝහලෙන් පසුගිය 07 වනදා ප්‍රතිකාර ලබා එහිදී පී.සී.ආර්. පරික්ෂණයකටද මුහුණ දී රෝහලෙන් පිටව ගොස් ඇත.

එහිදී සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කොට ඇති අතර එම වාර්ථාවේදී අදාල පුද්ගලයාට කොරෝණා වයිරසය වැළඳී ඇති බවට අද දින තහවුරු වී ඇත.

රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අදාල පුද්ගලයා මන්නාරම රදගුරු නිලනිවසේ මේෂණ් බාස් වරයෙකු වශයෙන් සේවය කරනා අයෙකු බවට තොරතුරු වාර්ථාවන බවටත් මේ වන විට මන්නාරම් රදගුරු නිලනිවාසයට පූර්ණ ආරක්ෂාවක් සපයා ඇති බවටද මන්නාරම් පොලීසිය පවසයි.

මෙලෙස කොරෝණා වෛරසය වැළඳී ඇත්තේ මාරවිල පොලිස් වසමේ ඉහල කටුනේරිය කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇත.

මේ වන විට අදාල පුද්ලයා ඇසුරු කරන ලද සියලු පිරිස හඳුනාගනිමින් සිටින බවටත් මන්නාරම රදගුරු නිවසේ සිටි පියතුමන්ලා ඇතුලු සියලු පිරිස් නිරෝධායනයට ලක් කරමින් පී.සී.ආර්. පරික්ෂණය සඳහා යොමු කොට ඇති බවටද මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

51,627 views

7 Comments to “රදගුරු නිවසේ අයෙකුට කොරෝනා… සියළු පිරිස් කොරෝනා පරීක්‍ෂණයට.. රදගුරු නිවස Lockdown”

  1. lotus says:

    කෝ මේ අපේ රටේ ස්වාධීනත්වය ගැන පොරටෝක් දීපු බයියො?
    චීනා මේ හදිස්සියේ එන්නෙ ලංකාවෙ උගස් ඔප්පුව ලියාගෙන යන්න.
    දේශප්‍රේමීයො කසාය බීපු ගොලුවො වගේ.

  2. කාන්තාර පළඟැටියා says:

    ඇතැම් විහාරස්ථානවල තවමත් කඨින පිංකම් , සති අන්ත ශාන්ති මහා බෝධි පූජා තියනවා. අධික ශබ්දයෙන් ඇඳිරිනීතිය නිසා නිවාසවලට කොටුවෙලා ඉන්න අසල්වැසි මිනිස්සුන්ට හිරිහැර වෙන පරිදි මහ පාන්දර සහ හවස හයියෙන් ලවුඩ්ස්පීකර් ( කවිබණ , පිරිත් ) දානවා. මෙව්වායෙන් වෙන්නෙ මිනිස්සු කරදරයට පත්වීමයි. පොලිසියට කීවට කිසිම විසඳුමක් නෑ. මේ කරදරයෙන් මිනිස්සුන්ව බේරා දෙන්න. ඇතැම් විහාරාධිපති හාමුදුරුවරු තවම තේරුම් අරන් නෑ භයානක කම. මේක මහා අවාසනාවත්ත තත්වයක්

    • Amdan says:

      උබේ ඔය අමාරුව සනීපය කරන්ඩ පුලුවන් ගොන්ජට. බටර් කාලක් අරන් ගොන්ජ ලගට පලයන් .

    • sinhale le says:

      දවසට පස් වතාවක් හදට බුරන බෙරිහන්දීම වහාම නතර කල යුතුය

    • Jagath Hettiarachchi says:

      හතර කේන්දරේ පාලු හින්දා මහන කරපු අය නේ. දැනුම් තේරුම් ඇතුව පිලිවෙත්පුරන්න ආව අය නෙවෙයි නේ.

      ඉතිං මොලෙයක් නෑ නේ
      වදේ විතරයි.

      කියන දෙයක් ඔය අයට තේරෙන්නෙම නෑ.

  3. nabi says:

    අහෝ දෙවියන්වහන්සේටවත් බැරිද රදගුරු නිවස කොරෝනාවෙන් බේරාගන්න, කොරෝනා දැන් දෙවියන්වහන්සේටත් වඩා බලවත් වෙලා …
    සාතන් මිනිසුන් බිලිගැනීමට දුන් වෛරසයක් වගෙයි පෙන්නේ ..ආමෙන්

Main News