රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් 04කට කොරෝනා.. නිවාසවලටම වී ඉන්නැයි දැනුම් දෙයි..

October 15, 2020 at 10:00 am | lanka C news
රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් 04කට කොරෝනා.. නිවාසවලටම වී ඉන්නැයි දැනුම් දෙයි..

රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් සිවුදෙනකු හමුවී ඇත.

ඒ ආශ්‍රිත ප්‍රදේශයෙන් මීට දින කිහිපයකට පෙර දේවගැති වරයෙකුට කොරෝනා ආසාදන වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් වූ කිහිප දෙනෙකුට මෙසේ වෛරසය වැලඳී ඇත.

එ නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කර හැකිතාක් නිවෙස් තුළට වී සිටින ලෙස පොලිසිය විසින් නිවේදනය කර තිබේ.

එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා නැතත් ජනතාව නිවෙස්වලට වී සිටීම නිසා ප්‍රදේශයේ මාර්ග පාළුවට ගොස් ඇත.

ඇතැම් රාජ්‍ය ආයතන ද වසා දැමීමට කටයුතු කර ඇත.

34,443 views

One Comment to “රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් 04කට කොරෝනා.. නිවාසවලටම වී ඉන්නැයි දැනුම් දෙයි..”

  1. Analyst says:

    ‘මා ජීවිතයේ දුටු ලොකුම ප්‍රෝඩාව’ තමා ම‌ෙය !!
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ PCR පරීක්ෂණයකින් පොසිටිව් වී කොරෝනා ආසාදිතය‌ෙක් බවට ප්‍රකාශ වීමත් සමගම ඔහුගේ සොහොයුරිය වන Katia Aveiro ඉහත ප්‍රකාශය කලාය.ලොව මිලියන ගනන් මිනිසුන් මුලා කර කිසිම රෝග ලක්ෂණයක් නැති අය හුද‌ෙක් PCR පොසිටිව් යන කාරනය මත පමනක් පදනම්ව සමාජය‌ෙන්, ක්‍රියාකාරිත්වය‌ෙන් ව‌ෙන් කර තබා ඇති බවට ඈ චෝදනා කරයි.
    “I believe that, today, thousands of people who have come to believe so much in this pandemic, in the tests and the measures taken will, like me, see it is the biggest fraud I’ve seen since I was born.
    “A phrase that I read today and that I stood up to applaud: ‘Enough fooling the entire world’. Someone, open your eyes, please.” මුලු ලොවක් ගොනාට ඇන්දුවා ඇති.කවර‌ෙක් හෝ ඇස් අරින්න.

Main News