රනජන්ට ජනාධිපති සමාව දුන්නේ නැතැයි කියන්න ජිනීවා යනවා..

March 2, 2022 at 6:21 am | lanka C news
රනජන්ට ජනාධිපති සමාව දුන්නේ නැතැයි කියන්න ජිනීවා යනවා..

රටේ සිදුවන හොරකම්, වංචා දූෂණ සම්බන්ධයෙන් කතා කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරදීමේ අරමුණ ඇතිව, රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට නිදහස ලබාදෙන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීම් කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය

සමගි ජන බලවේගේ මෙහෙයුම් ප‍්‍රධානී හරින් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත‍්‍රීවරුන් දෙදෙනා අද අළුයම ජිනීවා නුවර බලා පිටත්ව ගිය අතර ගුවන්තොටුපොලේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද සදහන් කළේය.

රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීතුමාට නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීම් කිරීමට අපිට ජාත්‍යන්තරයට යාමට සිදුව තිබෙනවා. අධිකරණයට අපහාස කිරීමේ වරදට නිශ්චිත දඩුවමක් නිශ්චිත නැහැ.

ඒ නිසා මාස 48ක දීර්ඝ දඩුවමක් ලබාදී තිබෙනවා. මේකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ලංකාවේ තවත් ඉහළ අධිකරණයක් නෑ. රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට සහනයක් ලබාගත හැකි එකම අවස්ථාව වන ජනාධිපති සමාව ලබාගැනීම සදහා අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර ඇතත් ඒ අවස්ථාවත් ලබාදී නැහැ.

රංජන් රාමනාක මැතිතුමාට ලබාදී ඇති දඩුවම අධිකරණයේ දඩුවමකට එහා ගිය දේශපාලන දඩුවමක්ද කියන කතිකාවත සමාජයේ මතුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම් සහනයක් ලබාගැනීම සදහා තමයි හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීිිතුමාත් මමත් ජිනීවා බලා පිටත්ව යන්නේ.

පුද්ගලයෙක්ගේ මානව හිමිකම් කඩවූ විට යන්න තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවු්සිලයයි. එතැනට ගිහින් අපි මේ පිළිබද පැමිණිලි කරනවා. රටේ නිවරදි විය යුතු තැන් ගැන කතා කළ රංජන් රාමනායකගේ කට වහලා තියෙනවා. දූෂණ වංචා, හොරකම් ගැන කතා කරන්න ඇති අයිතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමයි රංජන් රාමනායකට නිදහස දෙන්න කියන ඉල්ලීම අරගෙන අපි ජිනීවා බලා යන්නේ

මෙහිදී අදහස් දැක්වූ හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා මෙසේ පැවසුවේය.

අපි අද දවසේදී රංජන් රාමනායක කියන අපේ සහෝදරයා වෙනුවෙන්, සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු දෙන්නේක් කරුණු කියන්න යනවා. අපි රටට කිසිම බාධාවක් දාන්න නෙමෙයි යන්නේ.

රංජන් රාමනායක කියන්නේ එලියේ ඉන්න ඔ්න අයෙක්. අපි යන්නේ රට පාවා දෙන්න නෙමයි. රංජන් රාමනායකට යුක්තිය ඉටු කරන්න තමයි අපි යන්නේ. හැමදාමත් අපි දෙන්නා යුක්තිය වෙනුවෙන් සටන් කරලා ගුටි කාපු දෙන්නෙක්. අපි මේකත් කරලා බලනවා.

– Media unit

13,277 views

22 Comments to “රනජන්ට ජනාධිපති සමාව දුන්නේ නැතැයි කියන්න ජිනීවා යනවා..”

  1. sam says:

    Haven’t you or others got enough other important work to do rather than trying to help a man who was caught red-handed talking over the phone filth with a married woman? Why anyone bothers about such a despot is beyond belief. Let him be or jail or hell why should the public care.

  2. ජනජය says:

    Enemy of my enemy is my friend තියරිය …බොලගෙ හතුරා ආණ්ඩුව …ආණ්ඩුවේ හතුරා ජිනීවා …ඒ කියන්නෙ ජිනීවා බොලගෙ මිතුරා..රටට කොච්චර හතුරුකම් කලත් බොලගෙ ගොනා වෙනුවෙන් උන්ගෙ පස්ස ලෙවකනව….ඔය හරිය කොහොමත් ආසයි ලෙවකෑමට…යකෝ ගොන්ජ මේ රට හා මිනිස්සු වෙනුවෙන් කරපු එක වැඩක් කියපිය මාදිවෙල නිල නිවාසෙ ඉදන් අරව කරපු එක ඇරුනම …ඔව් ඉතිං බොලත් නියම පිංපි නෙ..පලයල්ල …පලයල්ල …මතක ඇතිව escort service එකකුත් බුක් කරගනිල්ල…හරියට අමතක වෙයි කියල කිව්වෙ …!

  3. ගෞම් ඊයාරාජ් says:

    ගොන් බයියන්ගේ ලොජික් ටික කියවද්දී හිනාවෙලා සූ බින්දුවකුත් ගියා කලිසමේ ,අධිකරණයට පරිශ්‍රය තුල අධිකරණයට අපහාස කරපු රාජපක්ෂ නිකායේ ඥාණසාර කියන ශ්‍රමණ වෙශාධාරියා අද එක රටක් එක නිතීයක් ගේන්න හදන කොමඩියේ මහදැන මුත්තා. එහෙව් රටක යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ , ජිනිවා නෙමෙයි යම ලොකෙට ගිහිල්ලා හරි යුක්තිය පසදාලන්න උත්සහ කිරීම ගැන හරින්ලාට සහ මනුශලාට අපගේ ප්‍රණාමය. ගොං බයි හැතිකරේ මොනා කිව්වත් අදාලා නැත.

    • ජනජය says:

      ගොම රාජ්….කලිසමේ චූ බිංදු යන එක බොලවගේ කුලියට ලියන පාණ්ඩුවන්ගෙ ලක්සනයක්…හරිය යන්නෙ ඔය අරව කරන්න බොලෑ සල්ලි වලින්…පල්ලි වලට ගහනවයි කියල අප්පගෙන් දැනගෙන සද්දනැතිව හිටිය අමනයට අහවල් එක පුද කරන උඹ එසේ මෙසේ එකෙක් වෙන්න බෑ….!

  4. ගෞම් ඊයාරාජ් says:

    බිරී අලින්ට මැන්ඩලින් ගහලා වැඩක් නෑ , හෙන්ඩුවෙන් අනින්න ඔනෙ ! මෙ රටේ ප්‍රශ්න විසදන්න යාන්ත්‍රණයක් නැත්තං ජිනිවා නෙමේ යම ලොකෙට හරි පලයල්ලා. මොඩයො ගොං තර්ක වැඩක් නෑ.

  5. susa says:

    Adikaranayata wiruddawa loketa gatu kiyanna yana buuruwek, anika tama rajayen harak nidahas karanna tiranaya karala nanee

  6. p.d goonawardena says:

    ආයේ නොඑන්නම පලයල්ලා……….

  7. Gamarala says:

    රංජන් ට සමාව දිය යුතුයි. ඇත්ත කීම වරදක්ද?

  8. ගමේ එකෙක් says:

    කවුරුහරි මෝඩ සල්ලි කාරයෙක්ව මෝර කරාගෙන රට සවාරියක් ගිහිං බඩුවක් දෙකක් ගහල ලංකාවෙ ලිං ගෙම්බන්ට බොරු show එකක් දාන්න යන ගමනක්. අපි දන්නැද්ද පොල්ලෙ නාන ගැන.

  9. JR says:

    අපායට පලයං, එහෙ ඕන තරං නිදහස තියනවා… අනෙක ජිනීවා ගියත් එකයි, අපායට ගියත් එකයි. ජිනීවා යනවුන් අනිවාරෙන් අපායට යනවා… ඒක නිසා කලිංම අපායට යන එක වාසි යකෝ….!!! මිසදුටු ගොන්ජ කොහොමත් අපායට යනවාමයි … 2ක් නෑ..

  10. අප්ප එක්ක තරහට අම්ම එක්ක නිදි වදින බලවේග... says:

    අප්ප එක්ක තරහට අම්ම එක්ක නිදි වදින බලවේග. ඉරිදට පල්ලි නොගිහින් පෝයට ජිනීවා දූතයන් පූසෝ….නාට්‍යයේ ජවනිකාව ක්. රට කාපිය.නිදි වැදපිය.

Main News