රන්ජන්ගේ කොකේන් චෝදනා වල්පල් පමණයි.. තහවුරු කල තොරතුරු නෑ..- කොකේන් කමිටු වාර්තාව කියයි..
February 26, 2019 at 10:00 am | lanka C news
මැති ඇමතිවරුන් 24 දෙනෙකු කොකේන් භාවිත කරන්නේ යයි රාජ්ය ඇමති රන්ජන් රාමනායක විසින් කරන ලද ප්රකාශය ගැන ප්රකාශය ගැන සෑහීමකට පත් වන්නට බැරි බව ඒ සම්බන්දයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටුව විසින් නර්දේශ කර ඇතැයි වාර්තා වෙයි.
රාජ්ය ඇමතිවරයා විසිද් යම් යම් චෝදනා එල්ල කළත් ඒවා නිශ්චිතවම තහවුරු කර නැති බවත් එනිසා ඒවා විශ්වාසයෙන් පිලිගැනීමට නොහැකි බවත් සිවු පුද්ගල කමිටු නිර්දේශවල සදහන් යයිද පැවසෙයි.
රාමනායක මහතා ඉදිරිපත් කර ඇති තොරතුරු ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කර කඩිනම් වාර්තාවක් ලබා ගත යුතු යයිද නිර්දේශ කර ඇතැයි දැනගන්නට ඇත.
ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතීත්වයෙන් යුතු මෙම සිවුපුද්්ගල කමිටුව රාජ්ය ඇමතිවරයාගෙන් ලබා ගන්නා ලද ප්රකාශයෙන් පසු සිය නිරීක්ෂණ වාර්තාව අගමැවරයාට බාර දුන්නේ ඊයේ දිනයේදීය.
These UNP fellows have gone mad. Even a real culprit could not be found because of the NALUWAs mad comments.
CID එකට මේ දවස් වල වැඩ තියෙනවා GMOA එකට බාර දෙන්න.
Doesn’t matter whether he is right or wrong, why can’t you guys introduce a mandatory medical check-up for all the MPs? I don’t think anybody is mentally strong enough to rule the country if any he/she is drug addicted.
මහබැංකුව හොරා කෑ ටීම් එකේ කැප්ටන්, අගමැටි පත් කල කොමිසම කිව්වා හොරකමක් වෙලා නැහැ කියල. එහෙව් අගමැටියම පත් කොරන කොකේන් කොමිටිය කියය්ද තමන්ගෙ මැති ඇමටි සගය් කුඩු කාරයො කියල?
හොරාගේ අම්මගෙන් පේන අහනවලු