රන්ජන්ගේ නඩුව එක ලග දින තුනක් අහන්න තීන්දුයි.. අභියාචනා කිරීමට අවස්ථාවක් නෑ.. ඥාණසාර හිමිට දුන් දඬුවමම ලැබෙතැයි පුරෝකතන..

September 5, 2018 at 5:30 pm | lanka C news
රන්ජන්ගේ නඩුව එක ලග දින තුනක් අහන්න තීන්දුයි.. අභියාචනා කිරීමට අවස්ථාවක් නෑ.. ඥාණසාර හිමිට දුන් දඬුවමම ලැබෙතැයි පුරෝකතන..

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුව දෙසැම්බර් 10-11-12 දින තුන තුලදීම විභාග කිරීමට තීන්දු කර ඇත.

නඩුව කැදවූ අවස්ථාවේදී මෙම තීරණය අධිකරණය විසින් දැනුම් දුන්නේය.

එම දිනයන්හි සාක්ෂිකරුවන් ලෙස මාධය ආයතන දෙකකටද පෙනී සිටීමට නියම කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පසු එම තීන්දුව අභියාචනය කිරීමේ අවස්ථාවක් නියෝජ්‍ය ඇමතිවරයාට හිමි නොවන්නේ ශ‍්‍රී ලංකාවේ උපරිමාධිකරණය එය බැවිනි.

මේ හා සමාන නඩුවකට වරද කරු වූ ගලාගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 06ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමකට ලක් කර ඇති නිසා බොහෝ නීතිවේදීන් පවසන්නේ රාමනායක මහතාටද සිර දඬුවම් ලැබෙනු ඇති බවයි.

17 views