රන්ජන්ගේ පටි රෝල් රෝල්.. තමන් විවාහ කරගන්න පොරොන්දු දී කියා මුදල් වංචා කලා කියා ගුරුවරියක් නඩු දමයි.. ඇය සියල්ල හෙලි කරයි..

July 20, 2018 at 10:26 pm | lanka C news
රන්ජන්ගේ පටි රෝල් රෝල්.. තමන් විවාහ කරගන්න පොරොන්දු දී කියා මුදල් වංචා කලා කියා ගුරුවරියක් නඩු දමයි.. ඇය සියල්ල හෙලි කරයි..

තමන් විවාහ කරගන්නා පොරොන්දුවක් දී තමන්ගෙන් මුදල්ද ගෙන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දැන් එය මග හරිමින් සිටින්නේ යයි නාමලී විජේරත්න නම් මහනුවර ප‍්‍රදේශයේ විදුහලක ගුරරුවරියක් පවසන්නීය.

තමන්ගෙන් ලක්‍ස දහයක පමන මුදලක් ලබා ගත් බවත් එය සනාථ කල හැකි සියළු ලේඛණ තමන් සතු බවත් පවසන ඇය තම ගුරු රැකියාවද රාමනායක මහතා විසින් බොරු නඩුවක් පටලවීම නිසා අත්හිටුවා ඇතැයිද සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඇය විසින් පවරන ලද නඩුවකට පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මෙම අදහස් පල කලාය.

රන්ජන්ගේ බිරින්දලු ? මෙන්න ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකගෙන් 2010දී රන්ජන් හිරකරන්න කරපු අසාර්ථක නාට්‍ය නැවතත්, රන්ජන්ගේ හෙළිදරව් කිරීම හමුවේ රන්ජන්ට මඩ ගහන්න ගිහින් ඉල්ලන් කන තරම අවාසනාවන්ත ලෙස මානසික අසනීපයකින් පෙළෙන මේ ලස්සන ගෑනු ළමයාව රන්ජන්ට කසාද බඳින්නලූ,මේ ගැහැනු ළමයාව බඳිනවා කියලා රවටා රන්ජන් ලක්ෂ දහයක් අරගෙනලූ,ඔබලා මොකද හිතන්නේ,පාර්ලිමේන්තුවේ ලක්ෂ ගණන් පඩි ප්‍රතික්ෂේප කරපු රන්ජන් සල්ලි බෙදනවා මිසක් සල්ලි රැස්කරන්නේ නැහැ කියන එක හැමෝම දන්නවා හොර සහතික සාදා රජයේ රැකියා ලබාගෙන ඒකට හිරේ හිටපු කාන්තාවකුත්, දුෂණය නිසා හමුදාවෙන් ඉවත්කරපු දුෂිත නිතිවෙදියෙක්කුඩු නාළිකාවේ අනුග්‍රහයෙන් කරන නාට්‍ය මෙතනින් බලන්න

Gepostet von Ranjan Ramanayake am Freitag, 20. Juli 2018

226 views
Main News