රන්ජන්ගේ මෙවර අවිනීත ඇමතුම දුම්රිය සංගම් ලොක්කාටයි.. බැසිල්-වෙල්ගම පටලන්න ගොස් නාගනී.. වර්ජනය හේතුව මුල සිට උගන්වයි…

August 11, 2018 at 10:52 pm | lanka C news
රන්ජන්ගේ මෙවර අවිනීත ඇමතුම දුම්රිය සංගම් ලොක්කාටයි.. බැසිල්-වෙල්ගම පටලන්න ගොස් නාගනී.. වර්ජනය හේතුව මුල සිට උගන්වයි…

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කැදවන ලද මාධ්‍ය සාකච්චාවකදී මෙවර දුරකතන ඇමතුම ගන්නා ලද්දේ දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩටයි.

වැඩ වර්ජනයකට නොයා ඉල්ලීම් දිනාගත හැකි ක‍්‍රමවේදයක් නැතිදැයි නියෝජ්‍ය ඇමතිවරයා විසින් ඔහුගෙන් ප‍්‍රශ්න කලේය.

අදාල ඉල්ලීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය හා වටපිටාව ගැන වෘත්තීමය පැහැදිලි කිරීමක් එහිදී ලේකම්වරයා විසින් කරනු ලැබීය.

බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා සමග සිටින පින්තූරයක්ද දුටු බව නියෝජ්‍ය ඇමතියවරයා සදහන් කල විට ලේකම්වරයා කියා සිටියේ තමන් රාජිත ඇමති සමග් සිටි බවත් වැඩ වර්ජනය සමගින් එජාප සාමාජිකයන්ද බහුතරයක් එක්ව සිටින බවත්ය.

කුමාර වෙල්ගම මහතාගේ ඥාතියෙක්දැයි විමසූ විට ඔහු කියා සිටියේ තමන්ගේ කිසිම ඥාති සම්බන්ධයක් නැති බවය.

60 views