රන්ජන්ගේ මොබයිල් සෙල්ලම දයා ගමගේ හෙලා දකී…
July 8, 2018 at 3:50 pm | lanka C news
උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමට ගිය විට තමන් ජාතීවාදී ලෙබලය ගහන බවටත් දකුණේ ජාතීවාදී අදහස් වපුරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය කියා සිටියොය.
අමාත්‍ය වරිය මේ බව කියා සිටියේ ඊයේ (07) දින යාපනය තිරුනෙල්වේලි කෘෂිකර්ම පුහුනු විධ්යාලීය ශ්‍රවනාගාරයේදී අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාතේ ප්‍රාතමික කර්මාන්ත දිරිගැන්වීම සඳහා අධාර ලබා දීමේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.
එම උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ විජයකලා මහේස්වරන් මහත්මිය වැඩි දුරටත් කියා සිටියේ,
‘ඔබ දන්නවා දැන් දකුණේ ඇතම් අය ජාතිවාදී ප්‍රකාශ ගොඩක් සිද්ද කරනවා නමුත් ඔවුන්ට මොකුත් කියන්නේ නැහැ අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන කොට අපි ජාතීවාදීන් ලෙසින් හඳුන්වනවා ඒක වෙනස් කරන්න ඕන දකුණේ ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනකොට ඒවා දිහා බලලා ඒවා විසඳන්න කටයුතු කරනවා නමුත් අපි අපේ ප්‍රශ්න ගැන කතා කරද්දි අපිව හඳුන්වන්නේ දෙමළ ජාතිවාදීන් හැටියට අපිව එහෙම හැඳින්වීම අපි ප්‍රතික්ෂේප කරනවා අපේ ජනතාව වෙනුවෙන් මම මගේ ඇමති ධූරයත් අතහැරියා. යනුවෙනි.
උත්සව අවස්ථාවෙන් පසුව විජයකලා මහේස්වරන්ගේ මහත්මියගේ ප්‍රකාශයන් පිළිබඳව අමාත්‍ය දයාගමගේ මහතාගේ මාධ්‍යෙව්දීන් විසින් විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය දයාගමගේ මහතා කියා සිටියේ,
‘විජයකලා මහේසවරන් මහත්මියට එතුමියගේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න බැරි උනහම එතුමියට විතරක් නොවෙයි මේක මටත් අපිටත් අපි ගැනම වේදනාවක් ඇති වන අවස්ථාවල් තියනවා මම විශ්වාශ කරනවා එතුමිය කීයටවත් නැවත යුද්දයක් ඇති වෙනවටනම් කැමති නැහැ.
පසුව එහිදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් මාධ්‍ය ඉදිරිපිට දුරකතන ඇමතුමක් ලබා දීම පිළිබඳව විමසීමේදී අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියේ,
‘රන්ජනා රාමනායක මහතා කරපු දේ මම හෙලා දකිනවා විශේෂයෙන්ම එතුමිය රන්ජන් රාමනායක ඇමතිතුමා එක්ක දුරකතනයෙන් කතාකරන්නේ ලොකු විශ්වාශයකින් එහෙම මාධ්‍ය ඉස්සරහා කතාකරනවනම් එතුමා එතුමියට කියන්න ඕන මම මේ මාධ්‍ය ඉස්සරහා කතාකරන්නේ මේ ඕන එහෙකට උත්තර දෙන්න කියලා යනුවෙනි.
අනතුරුව අමාත්‍ය දයාගමගේ මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය ඇතුලු පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පූනකරී ජෙයපුරම් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු හා නව කෘෂිකාර්මික සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Etakota tama toki denage katawa hela dakinne nadda?
Ranjan wage gobila modayek gen oita wada deyak balaporotthuwenda be……
danne film wala wage weda karanda misak…waga keemakin wedagath wedhiyata weda karanda nemei….
ඉතින් මනුස්සයො එයාගෙ ජනතාවට විතරක් නෙමෙයි මුලු රටේම ජනතාවට සලකනව කියල තමයි බොරු කියල උඹල ආණ්ඩුව ගත්තෙ. අපිටද කියන්නෙ විජයකල්ලටයි එයාගෙ ජනතාවටයි සලකන්න කියල? උඹල බලය අරගෙන මේ අවු. 31/2 ට කලේ මහින්ද පරපුරට මඩ ගහන එක විතරයි. උතුරෙ විතරක් නෙමෙයි, දකුනෙ මිනිසුන්ටත් උඹල මොනවද කරල තියෙන්නෙ. මහ බැංකුව කොල්ල කාපු එක විතරයි දැනෙන්න වැඩක් කලේ. කාලකන්නි.
මේ කොටි ගැනිට මහත්මිය කියා කතා කරන එක වැරදියි
Batahirata lankawen Booruwek awashya ne.
Ithin mokada karanne……………………………..
Naas lanu nathiwa gonek dunna yahapalanayen.
විජය කලාගෙ ප්‍රකාශය අපි හෙලා දකිනව.ඒ එක්කම රන්ජන් ටෙලිෆෝනයෙන් මල් කඩමින් කල ගොං රඟ පෑමත් අපි හෙලා දකිනව.මේ දෙදෙනාම දේශපාළණයට නුසුදුසුයි.
මම මේ මිනිහගෙ කට සහ කෙරැවාව අධ්‍යනය කලා. ගම්මිරිස් වැව්වොත් ඔක්කොම හරි වැනි බොරු කියල බයිල කියල ජනතාව අන්දවපු එක ඇරෙන්න පසු ගිය අවුරැදු තුන හමාරට රටෙි අපනයන සංවර්ධනය වනෙුවනේ දයා ගමගේ රටට කල වැඩක් තියනවද?
රන්ජා පුද්ගලිකත්වය කියන දේ දන්නෙ නැත්ද. මන්ත්‍රීවරයකු නොවෙය් වෙන මිනිහෙකුට උනත් පුද්ගලිකව කියන දේ මාද්යට නොකියාම ඉදිරිපත් කරන එක බාල වැඩක්.
උතුරෙ විතරක් නෙමෙයි, දකුනෙ මිනිසුන්ටත් උඹල මොනවද කරල තියෙන්නෙ. මහ බැංකුව කොල්ල කාපු එක විතරයි දැනෙන්න වැඩක් කලේ. කාලකන්නි.