රන්ජන්ගේ හඬපටයෙන් එජාපයේ හෙන පුපුරයි.. මන්ත‍්‍රීවරුන් වහ වහා තම දුරකතනවල හඬපට මකති.. රන්ජන්ට කතා කිරීම ඉතා අඩු කරති..

January 7, 2020 at 3:50 pm | lanka C news
රන්ජන්ගේ හඬපටයෙන් එජාපයේ හෙන පුපුරයි.. මන්ත‍්‍රීවරුන් වහ වහා තම දුරකතනවල හඬපට මකති.. රන්ජන්ට කතා කිරීම ඉතා අඩු කරති..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හඬ පට විශාල තොගයක් හමුවීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි ලෙස කලබලයට පත්ව සිටී.

ඔවුන් මේ වනවිට බොහෝ දෙනකු රන්ජන් රාමනායක මහතාට දුරකථන ඇමතුම් ලබා දීමෙන් වැලකී සිටින අතර ලබාදෙන ඇමතුම් පවා ඉතා සීමා සහිතව ප්‍රවේශමින් කතා කරමින් සිටින්නේ යයි වාර්තා වෙයි.

තවත් කිහිපදෙනෙකුම තම ජංගම දුරකථන වල හඬ පටිගත කිරීම් සහ වීඩියෝ දර්ශන මකා දමමින් සිටින්නේ යයිද පැවසේ.

රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හෙළිවීම දේශපාලන වශයෙන් අතිශය අවාසිදායක බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි ලෙස සංවාදයට ලක්වෙමින් තිබේ.

232 views

12 Comments to “රන්ජන්ගේ හඬපටයෙන් එජාපයේ හෙන පුපුරයි.. මන්ත‍්‍රීවරුන් වහ වහා තම දුරකතනවල හඬපට මකති.. රන්ජන්ට කතා කිරීම ඉතා අඩු කරති..”

  1. purawasi says:

    Cbanden passe pohottuwe anda balayo wadiwela.