රන්ජන්ගේ හඬපටවලට අල්ලස් කොමිසමේ හිටපු සභාපති දිල්රුක්‍ෂි ඩයස්, හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් සාක්‍ෂියි..

January 7, 2020 at 1:20 pm | lanka C news
රන්ජන්ගේ හඬපටවලට අල්ලස් කොමිසමේ හිටපු සභාපති දිල්රුක්‍ෂි ඩයස්, හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් සාක්‍ෂියි..

වත්මන් රජය යටතේ නීතිය සහ අධිකරණ පද්ධතිය ස්වාධීනව ක්‍රියාත්මක වන බවත්, නීත්‍යානුකුළව සිදුකරන අත්අඩංගුවට ගැනීම් කෙරෙහි රජයේ කිසිදු මැදිහත් වීමක් සිදු නොකරන බවත්, මෙය රජය විසින් කරන ක්‍රියාවක් බවට ජනතාව තුල වැරදි මතයක් නිර්මාණය කරමින් බොරු බිල්ලන් මවා පෑමට යාමෙන් විපක්ෂය නිතියේ සහ අධිකරණයේ ස්වාධීනත්වයට අගෞරව කරමින් සිටින බවත්  ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

පැල්මඩුල්ල, ගොඩගම  ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා,

වත්මන් ආණ්ඩුවේ ජනතාවාදි වැඩපිලිවෙල ඉවසා දරාගත නොහැකි විපක්ෂයේ ඇතැම් පිරිස් රජය පිලිබද ජනතාව තුල වැරදි මතයක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටිනවා. පසුගිය රජය සමයේ එක්සත් ජාතික පක්ෂය  දේශපාලන පලිගැනීම් වෙනුවෙන් නීතිය නවන්න කටයුතු කරපු ආකාරය හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ දිල්රුක්ෂි ඩයස් යන අය රටටම හෙලි කලා. අත්අඩංගුවට ගන්නේ කවුද? ගන්නේ කොහාමද? මේ දේවල් එදා තීරණය ක‍ළේ අරලිය ගහ මන්දිරයේදී. ඒ විතරද ඒ පිලිබද නඩු අහන්න විශේෂ  අධිකරණ පිහිටුවීමට කටයුතු කලා.

දේශපාලන පලිගැනීම් සදහා එජාප රජය නීතිය කොතරම් අවභාවිත කලාද කියනවා නම් ඇප ලබා ගැනීමට හෝ නොහැකි වන ලෙස පොදු දේපල පනත යටතේ චෝදනා ගොනු කිරීමට පවා ක්‍රියාකලා.

එජාපය එදා වගේම නීතියේ  අධිපත්‍යයට  අගෞරව කරන්න වර්තමානයෙත් කටයුතු කරමින් සිටිනවා. නීතිය ආරක්ෂා කරන අංශ වල වගේම අධිකරණය තුල කටයුතු කරන්නේත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාල සීමාවේ පත්කල නිලධාරීන්මයි. අඩුම තරමේ වත්මන් රජය ඒ නිලධාරීන් වෙනස් කරන්නවත් කටයුතු කලේ නැහැ එහෙම තිබෙද්දී තමයි විපක්ෂය මෙවැනි බොරු චෝදනා රජයට එල්ල කරමින් ජනතාව තුල වැරදි මතයක් ඇති කරන්න හදන්නේ.  සාධාරණ හේතු කාරණා අනුව අත් අඩංගුවට ගැනීම් සිදු කරන එක නීතිය ක්‍රියාත්මක කරන එක ආණ්ඩුවක කටයුත්තක් නොවෙයි. ඒකට වෙන් වූ ස්වාධින ආයතන තිබෙනවා. ඒ හරහා සිදුවෙන ස්වාධීන පරික්ෂණ සහ නීතිමය ක්‍රියාවලියක් තිබෙනවා. මේ පිලිබදව වත් හරිහැටි අවබෝධයක් නොමැති පිරිස් කරන බොරු චෝදනා වලට රැවටෙන්න තරම් මේ රටේ ජනතාව නුගත් පිරිසක් නොවන බව කිව යුතුයි.

එළඹෙන මහමැතිවරණයට විපක්ෂයට වේදිකාවල කියන්න සටන් පාඨයක් වත් නැතිව යන බව දැනගෙන වැරදිමත සමාජ ගත කරන්නයි ඔවුන් උත්සාහ ගනිමින් ඉන්නේ. අපි ඔවුන්ට කියනවා ජනතාව රවට්ටන දේශපාලනයක් කරන්න එපා. නීතිය පිලිබද තියන ගරුත්වය කෙලෙසන්නත් එපා කියලා. ජනතාවගෙන් අපි ඉල්ලන්නේ මේ රට ගොඩගන්න පුළුවන් හොදම අවස්ථාව මේක. ක්‍රමයෙන් ඉදිරියට යන මේ රට ආපස්සට හරවන පාපකර්මයට ඔබ දායක වෙන්න එපා කියලා.

ශක්තිමත් පාර්ලිමේනතුවක් ඇතිකරලා. රටට, ජාතියට ආදරේ කරන නායකයෙක් සමග රට ගොඩගැනීමේ මානුෂිය මෙහෙයුමට එකතුවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

ධම්මික තිලකරත්න,
මාධ්‍ය ලේකම්

59,464 Viewers

5 Comments to “රන්ජන්ගේ හඬපටවලට අල්ලස් කොමිසමේ හිටපු සභාපති දිල්රුක්‍ෂි ඩයස්, හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් සාක්‍ෂියි..”

  1. sana says:

    පොලිස් භාරයේ තිබිය යුතු ඔය කියන සීඩී හා හඩපට කොහොමද එලියට එන්නේ දේශපාලන මැදිහත් වීමකින්ද

    • ගිගිරි says:

      පොලිස් බාරයේ ? තාම පොලිසියෙ හොල්මං කරන්නෙ ජහ පාලන අවතාර.. එහෙව් එකේ වඩා හොඳයි ඕවා එලියට එන එක, ඔය නීතිය නමන කොමිසං අහෝසි කරලා නීතිය
      හරියට ක්‍රියාත්මක වන විදිහට සුදුස්සන් පත් කරනතාක් පොලිසිය ගැන විශ්වාස කරන්න අමාරුයි.

      • තුලා ⚖️ මකරට 🐲 යයි.. says:

        ලංකාවේ නඩු ඇසීම සඳහා…
        ලෝක වෙලඳපොලේ ඉහළ ඉල්ලුමක්….!👀👀
        ඊලාම් රාජ්‍යය ටෙන්ඩරය ගැනීමට ඉමහත් උද්‍යෝගයක…! 🐯🐯
        ස්විස් රාජ්‍යයේ දමිල බැරිස්ටර්ලා මෙයට එකඟ වෙයි!!

        තුලා ⚖️ මකරට 🐲 යයි..

    • ලෙබ්බේ says:

      හරි අමාරුයි නේද එලියට එනකොට, මහා බැංකු කෙස් එක වගේ තව අවුරුද් 4 ක් 5 ක් හංගගෙන ඉන්නද කියන්නේ, පොලිසියේ නෙමෙයි කොයි දිපන්කරේ හංග ගෙන හිටියත් මහා ජනතාවට දැන් ගතයුතු දේ දන ගත යුතුයි,

  2. Open mind says:

    රජයේ ජනතාවාදී බව නිසා ම මේ දවස් වල එළවළු බත් ආදිය නොකා ඉවසා සිටිනවා.

Main News