රන්ජන්ගේ හඬපට නිසා විනිසුරු සංගමය කැළඹෙයි.. වහා පරීක්ෂණ අරඹන්නැයි අගවිනිසුරුට ලිඛිතව කියයි…
January 10, 2020 at 3:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සහ විනිශ්චකාරවරුන් කිහිප දෙනෙකු අතර සිදුවී ඇති කියන දුරකථන සංවාද ගැන කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහාධිකරණ විනිශ්චකාරවරුන්ගේ සංගමය විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මහාධිකරණ විනිශ්චකාර වරුන්ගේ සංගමය විසින් පැවැත් වූ කමිටු රැස්වීමේදී එම සංවාද සම්බන්ධයෙන් සාකච්ඡාවට ගෙන ඇත.
එම හමුවෙන් අනතුරුව අගවිනිසුරුවරයා වෙත ඉහත ඉල්ලීම කරමින් ලිපියක් යවා තිබෙන අතර අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්ටද එහි පිටපත් යවා ඇත.
ලිපියේ සඳහන් කර ඇත්තේ අධිකරණ පද්ධතිය ස්වාධීනත්වයට මෙම සිද්ධිය බැරෑරුම් තර්ජනයක් වන බවය.
අගවිනිසුරු ගෙත් හඩ පටයක් තිබුනොත් මොකද කරන්නෙ?