රන්ජන්ගේ හඬ පට අන්තර්ජාලයට මුදා හැරි අයකුගෙන් ප‍්‍රශ්න කරයි…

January 13, 2020 at 6:48 pm | lanka C news
රන්ජන්ගේ හඬ පට අන්තර්ජාලයට මුදා හැරි අයකුගෙන් ප‍්‍රශ්න කරයි…

රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද අඩංගු හඬපට අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කළ බවට සැක කෙරෙන පුද්ගලයකුගෙන් ප‍්‍රශ්න කිරීම ඊයේ (12 දා) ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මොහු මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන ගියාද එසේ නැතිනම් කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් ප‍්‍රසිද්ධ කළා දැයි පොලිසිය ප‍්‍රශ්න කරගෙන යන අතර මෙම හඬපට දැන් බොහෝ අය අතට පත්වී තිබෙන බවද පොලිසිය කියයි.

මෙම හඬපට පොලිසිය මගින් ප‍්‍රසිද්ධ කළ බවට ඇතැමුන් චෝදනා කරන නමුත් පොලිසිය මෙතෙක් එවැන්නක් සිදුකර නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.

මෙම හඬපට පිටපත් පොලිස් භාරයට ගැනීමට පෙර පිටවී තිබෙන බවට සැකයක් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.

නෝමන් පලිහවඩන
– divaina

38,154 Viewers

9 Comments to “රන්ජන්ගේ හඬ පට අන්තර්ජාලයට මුදා හැරි අයකුගෙන් ප‍්‍රශ්න කරයි…”

  1. Nilupul says:

    I keep posting in whatsapp whatever Gonjan tapes I am getting from my friends and I WILL NOT STOP DOING THAT AND I AM NOT SCARED OF LAW BENDING Police.
    We know that police is still working to UNP orders and we are not affraid to expose what Gonjan says. It’s the right of the people to know what the mps appointed by their votes

    • Victor says:

      Absolutely ! People have a right to know what the public servants are doing. When they are breaking the low they must be exposed.

    • Orwin and sepalika says:

      Do you have any idea as to why they wont arrest sajin vaas gunwardena for his comments made at media conferences against mahinda rajapaksha treatening to expose everything just before this election?

    • Amda says:

      අධිකරණයට බලපෑම් කරපු, තර්ජනය කරපු, අල්ලස් දීපු, අනික් මිනිසුන්ට කතන්දර හදපු, ඒවා පතුරවපු, අපහාස කරපු, රජයේ මන්ත්‍රී නිවාස වල ගරුත්වය කෙලෙසපු එකා ගැන නෙවෙයිද හොයන්න ඕනෙ?

  2. රටවැසි says:

    තව ටික දවසකදි කියයි ඒව අහපු අයවත් ප්‍රශ්ණ කරන්න ඕන කියලා . අනේ මං නං ඇහුං නෑ , ඕං .

  3. MD says:

    Meka Puduma Ratak.Dan lokuma Prashnaya wela tiyenne CD eliyata apu ekada?Nikan bila kiya kiya inne natuwa CID eka karanna ona de karanna.

  4. Gonsun says:

    Walang Hodana PollevIce karayangen kumak balaporoththuwiya Hekida.
    Polis Karayan kala ,Neerhi Virodhee amana kriya, sampeedanaya kara Antharjalayata mudaharinna pinvathek nedda.
    Vahama karanna.
    KUDu IGP kenek ahu una, mathakada,mokada une?.
    SHAPE KALADA ,NEETHI NAWANNO?

  5. ගොන් බයියා says:

    බයියන්ගේ අලුත්ම රබන් පදය
    හඩපට හුටපට මැද
    අක්කර 10ක් චීනෙට //

Main News