රන්ජන්ගේ හඬ පට අහන්න පොලිස් කණ්ඩායම් 10ක් යොදවයි.. අපරාධ චූදිතයන්ගෙන් පෝලිමේ ප‍්‍රශ්ණ කරයි..

January 11, 2020 at 6:48 pm | lanka C news
රන්ජන්ගේ හඬ පට අහන්න පොලිස් කණ්ඩායම් 10ක් යොදවයි.. අපරාධ චූදිතයන්ගෙන් පෝලිමේ ප‍්‍රශ්ණ කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ රහසිගත හඬපට එක්‌ ලක්‍ෂ විසිඑක්‌දහස සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව ලැබුණු වහාම පොලිස්‌ කණ්‌ඩායම් දහයක්‌ යොදවා එම හඬපට සියල්ල වෙන වෙනම ශ්‍රවණය කර අපරාධ චෝදනා එල්ල වූවන් සියලු දෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස්‌ මූලස්‌ථානය කටයුතු කරමින් සිටියි.

ලබන බදාදා (15 වැනිදා) වනවිට රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව ලැබීමට නියමිතව ඇති අතර එම වාර්තාව ලැබුණු විගස හඬපට එක්‌ලක්‍ෂ විසිඑක්‌ දහස ශ්‍රවණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පොලිස්‌ මූලස්‌ථානය කටයුතු සැලසුම් කර ඇත.

මෙම හඬපට ශ්‍රවණය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්‌ කණ්‌ඩායම් දහයක්‌ මේ වනවිටත් පත්කර ඇති අතර ඔවුහු ඉදිරි දිනවලදී එම කටයුතු ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටිති.

රන්ජන් රාමනායක මහතා සතුව තිබී සොයාගත් හඬපට ඔස්‌සේ විනිසුරුවරුන්ට, රජයේ නිලධාරීන්ට, දේශපාලනඥයන්ට, උසස්‌ පොලිස්‌ නිලධාරීන්ට ඇතුළු තවත් විශාල පිරිසකට අපරාධ චෝදනා එල්ල වී තිබෙන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

මෙම විමර්ශනය සඳහා අවශ්‍ය කරන පරිගණක තාක්‍ෂණය මෙන්ම සියලුම නවීන තාක්‍ෂණ ක්‍රමෝපායන් භාවිත කරන බව ද පොලිස්‌ මූලස්‌ථානය වැඩිදුරටත් කියා සිටියේය.

– divaina

24,126 Viewers

7 Comments to “රන්ජන්ගේ හඬ පට අහන්න පොලිස් කණ්ඩායම් 10ක් යොදවයි.. අපරාධ චූදිතයන්ගෙන් පෝලිමේ ප‍්‍රශ්ණ කරයි..”

  1. Me says:

    බලාගෙන, ඕව අහන අය, චූදිතයන් විය හැකි අයට තොරතුරු දෙන්න ඉඩ අැත.

    • 😁😁😁😁😁😁😄 says:

      පොලීසියේ ලාංචනය මාරු කරවාලා
      ඩොලර් ලාංචනය අලුතින්ම දමවාලා
      මොබයිල් ලාංචන තොප්පිද පුදවාලා
      නීතිය රකී සෑර් කියා සැලුට් දමවාලා

  2. Herath Banda Karaliyada says:

    This political lumpen has undermined three pillars of Democratic institution by name of ‘good governance and rule of law’ by under leadership of UNP one and only leader of Ranil Wicks, and his successor of Sajith Premadasa.
    This is an unpardonable crime has been done by Ranjan Ramnayake not only that his initiatives,that was by blessing of Ranil Wicks of Primer of Republic of Sri Lankan.This shows wesren democrcay has come faiulre of governace of 71 yaers of rule of misdeeds

  3. Dubba says:

    නවීන තාක්ෂණ භාවිත කරනවා.

    හපොයි! එතකොට රතු අලින්ට මොකද වෙන්නේ?

  4. බන්ඩා says:

    ගොංජට මොලේ තිබුනත් නැතත් තුච්ච කැත දේසපාලුවන්ගෙ සහ උන්ගෙ සහචරයන්ගෙ බොක්කම කතාවෙන් එලියට එලියට අරන් හැමෝටම වහල හැම කෝල් එකක්ම රෙකෝඩ් කරල සමාජයට මුදා හරින තැනට වැඩ සැලසීම ගැන ගොංජට පදක්කමක් දිය යුතුය්.

  5. Gonsun says:

    Ape seeya geval bindinna dakshaya, hebei dawasak geyak bindala ahuwuna.
    Unnehe dunna uththare mekai.
    Mama dekka kawuda horek oyalage ge bindala bawa, mama denagaththa Ea hora gea atule inna bawa, mama ea horawa allana hila ethulen awa.

    Ranjan kale eakamai, Oon Kivuwa

Main News