රන්ජන්ගේ හඬ පට තොගය සමාජ ජාලවලට ආ විදිහ මෙන්න…

January 8, 2020 at 3:22 am | lanka C news
රන්ජන්ගේ හඬ පට තොගය සමාජ ජාලවලට ආ විදිහ මෙන්න…

පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පොලිස් අත්අඩංගුවට පත් වුණු රන්ජන්ගේ දුරකතන සංවාද මාධ්‍යයට ආවේ කොහොමද කියලා සමහරු ප්‍රශ්න කරනවා මම දැක්කා. ඒවා පොලිසියට දුන් පුද්ගලයාම තමයි සමාජ ජාලා වලට මුදා හැරියේ. ඒ වගේම විවිධ සංවිධාන සහ දේශපාලකයින්ට ලබා දුන්නේ.

රන්ජන් සෑම දුරකතන ඇමතුමක්ම ස්වයං පටිගත වන ඇප් එකක් දුරකතනයේ දාගෙන ඉන්නේ. දුරකතනයේ ඉඩ මදි වුණාම දුරකතනයේ තිබෙන සංවාද හාඩ් ඩිස්ක් වලට සීඩී තැටි වලට පිටපත් කරලා අරන් තියනවා. මේ වැඩේ කරලා දෙන මිත්‍රයෙක් තමයි සියල්ල පිටපත් කරලා පොලිසියට ලබා දෙන්නේ.

මේ පුද්ගලයා මේ සංවාද කලින් හෙළිදරව් නොකලේ එහෙම කලානම් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ඔහු සතුව තියෙන මුල් පිටපත් විනාශ කලානම් මේ මහා අපරාධය, අධිකරනයට හා විරුද්ධවාදී දේශපාලකයන්ට සිදු වූ අපරාධය ලොවට හෙළි දරව් කරගන්න බැරිවෙනවා.

ඒ නිසා පොලීසිය විසින් මුල් පිටපත් අත් අඩංගුවට ගන්නා තුරු මේවා ප්‍රසිද්ධ කලේ නෑ. මේ සංවාද අඩංගු තැටි අත්අඩංගුවට ගන්න තමයි පොලිසිය ගේ වට කරන්නේ. නිල් චිත්‍රපට සහ බලපත්‍ර නැති පිස්තෝලය පරික්ෂාවේ දී සොයා ගත් අතුරු සිල්ලර කාරණා.

– අරවින්ද අතුකෝරල

107,039 Viewers

11 Comments to “රන්ජන්ගේ හඬ පට තොගය සමාජ ජාලවලට ආ විදිහ මෙන්න…”

  1. Pappa says:

    Oya thiyana recordings siyallama siyallama daanna kiyala mama Suvacha kiikaru madyayen kaarunika illimak karanava. Ethakota aththa nikanma elivei. Ai horu naikaala nadu kalgihin beerila unnu hati. Nidoskota nidahs unahati. 🤣🤣🤣🤣🤣

  2. Manel says:

    DISGUSTING!!!. Can these Yahapalana gang including Royalists go down in the drain like this. Shame and shame on you Mr Clean. You are the lowest human being I have ever came across. How come you used these dirty men to do your dirty jobs?

  3. Top ten says:

    ටොපේ ටොප්. ගලේ පැහැරපු බළලුන් වෙලානේ. දැන් වහන ඒවා හොයනවා කට්ටියම. පේනවනේ උන්ගේ මාධ්‍ය සාකච්ඡා. අනේ කිසිම වරදක් කරලා නැති උපාසකයෝ.

    • Saradiel says:

      රන්ජන්ගේ හඬ පට තොගය සමාජ ජාලවලට බෙදා දුන් පුද්ගලයාට අපේ ස්තුතිය ..
      කවුරු වුනත් ඔහු කල දෙය අගය කල යුතුයි

  4. CHAMINDA - SADA STF says:

    I TOLD MANY TIMES THIS BUGGER IS AN ASS HOLE. WHO THE HELL IS HE TO BECOME A MP?
    LET IS CLOSE HIM FOREVER WITH THESE ISSUES…..
    BUHHHHHAAAAAA

  5. මාතර සුනිල් says:

    හා, හා, හා, කොහොමද පොරක් කියල හිතාගෙන ලොරි ටෝක්දාපු ගොන්ජට කෙලවුන ලස්සන?
    මතකනෙ පහුගිය ආණ්ඩුව ආපු ගමන් මිනිහ බලහත්කාරයෙන් පංසල්වලට පැනල හංගපු රත්තරන්
    හොයන්ඩ කියල ටොයිලට් බෝල් වලට අතදාපු හැටි.

  6. එක්නැලිගොඩ says:

    හඩ පට වනාහි නඩූ භාන්ඩය. ඒවා එලියට ආවෙ කෙසේ දැයි බුකියේ හඩා වැලපුන ටොයියන්ට මෙන්න උත්තරේ.

  7. David Milli-banda says:

    Its time to clean up the politics, police, judiciary of the Country.
    Corruption will automatically will stop.

    Be a UNP’er or SLPP’ers all must support at this moment without fear or favour to clean up the system instead of criticising or taking sides.
    Its our Country.

  8. B. anthony says:

    එතකොට හඩපටි රන්ජන් පිටපත් දෙක දෙක තියාගෙන හිටියාද? ඹච්චර කියන එකේ ඒ යාළුවා කව්ද කියන එකත් කියන්න බැරි ඇයි? ඒ වාගේම ඹයිට වඩා රටට අහිතකර දේවල් අනෙක් මන්ත්‍රී වරුන්ගේ දුරකතන සංවාද වළින් හොයා ගන්න පොලිසියට බැරි වෙයිද? ඒවත් චෙක් කරනවාද? දැන්ම. රිෂාඩ් වගේ අයගේ. තාම ඒ ගැන වගේ වගක් නෑ නේද? ඹන්න අපට ඇතිවෙන ප්‍රශණ.

    • කුඩා දරුවා says:

      ගිහින් අඹුවට පොල් ටිකක් ගාලා දීලා උයන්ට පිහින්ට උදව් කරපන් මිනිහෝ….

    • local man says:

      B. Anthony, don’t talk like a baby.

Main News