රන්ජන්ට ඇමතිකමෙන් හා ආණ්ඩුවෙන් වහා ඉවත්වන්නැයි අගමැති රනිල් දන්වයි..

July 15, 2017 at 11:20 am | lanka C news
රන්ජන්ට ඇමතිකමෙන් හා ආණ්ඩුවෙන් වහා ඉවත්වන්නැයි අගමැති රනිල් දන්වයි..

ආණ්ඩුව හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කටයුතු විවේචනය කරන්නේ නම් වහා ඇමති ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

අගමැතිවරයා විසින් හොරු රකින බවට නියොජ්‍ය ඇමති රන්ජන් විසින් පසුගියදා කරනු ලැබූ ප‍්‍රකාශයක් මත අගමැතිවරයා විසින් මෙසේ දැඩිව ප‍්‍රකාශ කර ඇත්තේ හිල්ටන් හෝටලයේදී පැවති එජාප මැති ඇමතිවරුන්ගේ හමුවකදීය.

තමන් හොරු ආරක්‍ෂා නොකරන බවත් තම පක්‍ෂයේ නායකයා විශ්වාස නැතිනම් ආණ්ඩුවන් ඉවත්ව ගොස් කැමති තරම් විවේචනය කරන ලෙසද අගමැතිවරයා එහිදී පවසා ඇත.

151 views
Main News