රන්ජන්ට නිවාඩු යෝජනාව කතානායක ප‍්‍රතික්‍ෂෙප කරයි.. මන්ත‍්‍රීකමත් අහෝසි වීමට නියමිතයි..

March 10, 2021 at 12:40 pm | lanka C news
රන්ජන්ට නිවාඩු යෝජනාව කතානායක ප‍්‍රතික්‍ෂෙප කරයි.. මන්ත‍්‍රීකමත් අහෝසි වීමට නියමිතයි..

වසර හතරක කාලයකට බරපතල වැඩ ඇතිව සිර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුව මාස තුනකට නිවාඩු ඉල්ලීමේ යෝජනාව අද ප්‍රතික්ෂේප කරනු ලැබිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් ලබාදී ඇති මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට කැඳවීමට තමා හැකියාවක් නැති බවයි.

එනිසා ඔහු වෙනුවෙන් නිවාඩු යෝජනා භාර ගත නොහැකි බවද කතානායක වරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාස තුනක කාලායක් පාර්ලිමේන්තුවට නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වන අතර ඒ අනුව රාමනායක මන්ත්‍රීවරයාගේ ද මන්ත්‍රීධුරය අහෝසි වීමට නියමිතව තිබේ.

42,160 views

21 Comments to “රන්ජන්ට නිවාඩු යෝජනාව කතානායක ප‍්‍රතික්‍ෂෙප කරයි.. මන්ත‍්‍රීකමත් අහෝසි වීමට නියමිතයි..”

  1. Gamunu says:

    “Who let the dogs out?”

  2. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    කතානායකගෙ තීන්දුව ඉතාමත් නිවැරදියි. ශ්‍රීලංකාවෙි පවතින නීතිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට නැවත අභියාචනයක් ඉදිරිපත්කරන්න බෑ. මූ මෙචිචර නළවන්න දෙයක්නෑ. තීන්දුව දීපු මොහොතේ සිට මන්ත්‍රීධූරය අහෝසියි. ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම් දීල තියෙන්නෙ මහාධිකරණයෙන්, ඌට අභියාචනා අවස්ථා දෙකක් තියෙනවා. එම තීන්දුවම ආවොත් ඇතුලේ, නැත්නම් නිදහස්. මෙි සරල දේවත් මුංට තේරෙන්නෙ නැද්ද?
    රන්ජා කළ තරමක් කළේ, බොරැව සහ බලුවැඩ, ජඩවැඩ.
    මූ අපහාස නොකළ කෙනෙක්නෑ. නඩුකාරයින්, පොලිස්කාරයින් අමාරැවෙි දැමිමා.
    කිසිම කලාකරැවෙකුට සැලකුවෙි නෑ. එකම කලාකරැවෙක්වත් මූ වෙනුවෙන් කතාකරන්නෙ නෑ.
    මන්ත්‍රීකමට පත්වෙලා මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසයට වෙලා දවල් වෙනකමි බුදියගෙන මාධ්‍යකාරයො අල්ලං වොයිස්කටි දෙන දේශපාලනයයි මූ කළේ.
    ජනතාව මූට රැවටුනා. තවමත් රැවටෙනවා. බොරැ කොණ්ඩෙ, බොරැදත් එළිඋනා. නුවර ගෑණි රවටිටල සල්ලි ගත්ත නඩුව තවම තියෙනවා.
    මුංවගේ එවුන් පාර්ලිමේන්තුව පැත්ත පලාතක වැද්දගන්න සුදුසුනෑ.
    උදවිකළ හැම එකාටම ගැහුවා,අපහාස කළා.
    රනිල්ට ගැහුවා, මහින්දට අපහාස කළා. නිළි රැජිණ මාලිනී ෆොන්සේකාට අපහාස කළා.
    අවුරැදු 20 ක් හිරගෙදර කල්දේරමි බත් කැවිවත් මූ හදන්න බෑ.

  3. Anuradha says:

    ඇයි රංජන් පිටරට රැකියාවකට ගියාද?නිවාඩු ඉල්ලන්නේ>පුලුවන්නම් හිරුනිකාවත් දමන්න ඇයි එයාගේ partner නේද? My God

  4. Ranjaa. Pawon. Maaluwa nahenne.kata nissa.. says:

    Ranjaa.paawon. Maaluwaa. Merenne.uge kata Nissyi.Mole nothi.anbaruwaa.

  5. ජම්පරයා says:

    අල්පොන්සෝ රාජපක්ෂ නම් පුද්ගලයා පෙනී සිටින්නේ නලුවෙකු විදියට වෙස්මුහුණු දාගෙන කරන රගපෑමක්.

Main News