රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..

May 10, 2021 at 12:40 pm | lanka C news
රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..

සිව් වසරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම වී දැනට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබා දී තිබේ.

ඔහු විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම පහසුකම ලබාදුන් බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කිරිමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

එමෙන්ම රාමනායක හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් වෙනම විදුලි පංකාවක් මෙට්ටයක් හා වැසිකිළි පහසුකම් ද ලබා දී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අමතරව ඔහු මන්ත්‍රී ධුරය දැරූ කාලයේ දී වාසය කළ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසය තවත් මාස හයක කාලයකට පාවිච්චිය සඳහා අවස්ථාව ලබා දී තිබේ.

කෙසේ වෙතත් තමන් ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කරන්නැයි රනජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයා විසින් ලිඛිත ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

73,465 views

26 Comments to “රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..”

  1. SKF says:

    ගොන්ජට මොකටද මේ සැප දෙන්නෙ මගෙ චන්දය ආයෙත්නම් පොහොට්ටුවට නැත.

  2. prasa says:

    This is not fair.No one need to be treated specially in prison. He or she put in jail for isolating from community and living with minimum facilities as punishment. If the VIPs treated this way, what the use of law and order?

  3. කුලී ගෙවල්වල ඉන්න එකෙක් says:

    ඔච්චර පහසුකම් නොමිලේම දෙනවනම්, මේ ගෙවල් කුලී ගෙවගෙව ඉන්නේ නැතුව මටත් හිතයි ගොන්ජ වගේ නොමිලේ සියල්ල ලබාගන්න. ඉන්න තැන, කරන්ට් වතුර කෑම බීම රුපවාහිනී සියල්ල නොමිලේ!

  4. Duminda says:

    මූට විතරක් ඇයි විශේෂ සැලකිලි. මේක අනිත් සිරකරුවන්ට කරන අසාධාරණයක්. එක එක දේශපාලන හාල්පාරුවන්ට ඕනි විදියට තීරණ ගන්ඩ ගියොත් හිරගෙයක් සුරපුරයක් වෙනවා

    • Buruwa says:

      I agreed. Can we both go and demonstrate against the court. And create a scenario.

  5. ඩිෆෙන්ඩර් says:

    මෙයාගෙ වෂණ කෝශවල ලෙඩක් තියෙනවා.ඒකයි මෙට්ටයක් දීලා තියෙන්නෙ.බොරුනං ඩිෆෙන්ඩර් කුමාරිගෙන් අහන්න.

  6. Thanks says:

    Dialog internet tv denna ranjata

  7. මාදිවෙල උකුස්සා says:

    දැන් රන්ජන් රාමනායක හමුවීමට හා කතාකිරීමට අවස්ථාව ඇත්තේ බන්ධනාගාර නිළධාරීන්ට සහ සිරකරැවන්ට පමණයි. මෙි අවවාදය බන්ධනාගාර නිළධාරීන්ටයි. මොහු සමග කතාබහ සහ ගනුදෙනු කිරීමෙිදී ඔබලා ඉතාමත් ප්‍රවෙිශමිවන්න. මොකද? මොහු චාටු බස් දොඩවමින්, මල්ලී, අයියා කියා මිනිසුන් රවටා, මුලාකරමින් තමුන්ගේ වැඩෙි කරගන්න සූරයෙක්. එසේ මොහු සමග කතා කළ විනිශ්චයකාරවරැන්, පොලිස් නිළධාරීන් සහ රජයේ නිළධාරීන් ගණනාවක් මෙිවන විට වැඩ තහනමට ලක්වී හෝ රැකියා අහිමිවීමකට ලක්වී ඇත. සමහරැ හිරේ විලංගුවෙි වැටී ඇත. මොහුගේ උපාය මොකාට කෙළඋනත් තමුන්ගේ වැඩෙි කරගැනීමයි. ඔවුන් කරදරයට පත්උනාට පසුව අඩුම තරමින් දුරකතන ඇමතුමක් හෝ දී සොයාබලන පුරැද්දක් මොහුගේ නැහැ. නිදහස්වී ගිය දිනයක හමුවීමට නොව අඩුමතරමින් ඔබලාගේ දුකරතන ඇමතුමකටවත් මොහු පිළිතුරැ නොදෙන බව හොඳින් සිතෙහි අවධාරණය කරගන්න. මොහු එවැනි කෙළෙහිගුණ නොදන්නා ගුණමකුවෙක්. මන්ත්‍රීවරයෙක් සමග ඡායාරෑප ගැනීමට ඉඩකඩ සැලසීම නිසා දැනටමත් එක් බන්ධනාගාර නිළධාරියෙක් අමාරැවෙි වැටී ඇත.

  8. This is very unfair to give him a extra facilities without giving other inmates. Seems to be a another hidden DEAL.

  9. හබරා says:

    මොහුට දඩුවම් දිය යුත්තේ ලමා අපචාර සහ ලමුන් ගනිකා වුර්තියට පෙල්ඹවීම චෝදනා වලටයි.

Main News