රන්ජන්ට බේරුමක් නෑ.. තවත් හිර වෙයි.. බලපෑම් කල මහාධිකරණ විනිසුරුගෙන් CID ප‍්‍රශ්ණ කරයි..

January 20, 2020 at 9:20 am | lanka C news
රන්ජන්ට බේරුමක් නෑ.. තවත් හිර වෙයි.. බලපෑම් කල මහාධිකරණ විනිසුරුගෙන් CID ප‍්‍රශ්ණ කරයි..

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් ඊයේ දින පැය තුනක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක සමඟ දුරකතනයෙන් සිදුකරන ලද සංවාද සම්බන්ධයෙන් ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කර ඇත.

රාමනායක මන්ත්‍රීවරයා සමඟ දුරකථන සංවාද යල යෙදී ඇති දැනට සක්‍රිය සේවයේ යෙදෙන විනිසුරුවන්ගෙන් වහා ප්‍රකාශ ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කරන ලද දැනුම්දීමක් අනුව මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක හා වැඩතහනම් කර සිටින විනිසුරු ධම්මික හේමපාලගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතය.

මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරමින් දන්වා ඇත්තේ තමන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරද්දී රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය ඇමැතිවරයා විසින් ආන්දෝලනාත්මක නඩු කිහිපයක් සම්බන්ධයෙන් තමන්ට බලපෑම් කළ බවයි.

27,978 Viewers

4 Comments to “රන්ජන්ට බේරුමක් නෑ.. තවත් හිර වෙයි.. බලපෑම් කල මහාධිකරණ විනිසුරුගෙන් CID ප‍්‍රශ්ණ කරයි..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    නීතිපතිට මතක නැද්ද දන්නේ නෑ මන්නාරම උසාවියට ගල් ගැහුවා. ඇයි ඒක ගැන හොයන්නේ නැත්තේ. ඒකත් නීතියට කරපු බලපෑමක්.

    • සේරම නින්දෙන් ඇහැරිලා වගේ. දැන් තමයි ගිහාන් කාරයට එහෙම බලපෑම් කලා කියල දැනිල තියෙන්නෙ.

  2. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    රන්ජන් රාමනායක විසින් ගිහාන් පිලපිටිය විනිසුරුතුමාට දුරකතන මගින් කළ බලපෑමි ගැන එතුමා විසින් 2014 – 2015 කර ඇති පැමිණිළි ගැන නිසි පරීක්ෂණයක් නොකිරීම ගැන එවකට සිටි පොලිස්පතිවරයාගෙන් සහ අධිකරණ සේවා කොමිසමෙි සාමාජිකයින්ගෙන්ද රහස් පොලීසිය ප්‍රශ්න කළ යුතුයි.

  3. සරා says:

    මට තියෙන් ප්‍රශ්නය තමයි එවකට හිටිය අධිකරණ ‌ෙසේවා ‌ෙකොමිසමේ සාමාජිකයින්ගෙන් ‌ෙවෙනස් ‌ෙවෙලා තියෙන්නේ අගවිනිසුරු විතරයි.එනම් ප්‍රියසාද් ‌ෙඩෙප් විතරයි.එතකොට මුං එදා යහපාලන ආන්ඩුව සමග නිදි වැද්දද?අනෙක රන්ජන්ට ‌ෙකෙලවෙන්නේ ගිහාන් පිලපිටියට මරණ තර්ජන කිරිමයි.ඒක ඔප්පු වුනොත් පුතේ රන්ජන් දිවි ඇති ‌ෙතෙක් බරපතල වැඩ ඇතිව හිරේ.

Main News