රන්ජන්ට සමාව දෙන්න.. ඔහු සොරකම් කර නෑ.. ස්ත‍්‍රි දුෂණ කර නෑ..- ගීතා ජනපතිට කියයි..

October 3, 2021 at 6:22 am | lanka C news
රන්ජන්ට සමාව දෙන්න.. ඔහු සොරකම් කර නෑ.. ස්ත‍්‍රි දුෂණ කර නෑ..- ගීතා ජනපතිට කියයි..

‘‘රන්ජන්ට දැන්වත් සමාව දෙන්න කියලා මා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එයා මිනීමරලා නැහැ. ස්තී‍්‍රන් දූෂණය කරලා නැහැ’’ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

තමා මීට පෙරද පාර්ලිමේන්තුවේදී සහෝදර රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙටස ඉල්ලා සිටි නමුත් එයට ප‍්‍රතිචාරයක් නොලැබීම ගැන කනගාටු වන බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද කියා සිටියාය.

‘‘රන්ජන් කියන්නේ මගේ සහෝදර කලා ශිල්පියෙක්. ඔහුත් එක්ක සිනමාවේ මම ප‍්‍රධාන චරිත රඟපාලා තියෙනවා. එහෙත්, අද ඔහු සිරගත වී සිටීම හිතට දුකක් දැනෙනවා. රන්ජන් සමාව නොදෙන්න තරම් වරදක් කරලා නැහැ. කොහොම වුණත් දැන් ඔහුට සමාව දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙම නිදහස් කළොත් ඔහු යළිත් කලා ක්ෂේත‍්‍රයට එක්වෙලා වැඩක් කරාවි’’.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

23,502 views

34 Comments to “රන්ජන්ට සමාව දෙන්න.. ඔහු සොරකම් කර නෑ.. ස්ත‍්‍රි දුෂණ කර නෑ..- ගීතා ජනපතිට කියයි..”

  1. ගෞම් ඊයාරාජ් says:

    පිස්සුද ගීතා ආන්ටී ! රන්ජාව එලියට දාන්න ඌ කරපු කුප්ප වැඩත් එක්ක ? ඌ කුඩු ගෙනාවා , මිනී මැරුවා , සමූල ඝාතණය කලා , රාජ්‍ය දේපල මහ දවල් හොරා කෑවා , රටේ දේපල වික්කා , පිස්තොල ඔලුවලට තියලා තර්ජනය කලා , කරන්න පුලුවන් කුප්ප වැඩ කලා , ඌ ඉන්න ඔනේ හිරේ , එළියේ නෙමේ , ඔය සුළු සුලු වැරදි කරපු දුමින්ද සිල්වලව , කරුණා ,පිල්ලෙයාන්ලව ,ලොහාන්ල ඇතුලු අනිත් දේශප්‍රේමියො නිදහස් කලාට , නඩු ඉල්ලා අස්කරගත්තට පව් නෑ ,රට ජාතිය වෙනුවෙන් දිවා රෑ කැප උනා ,අපිට ඉන්න හිටින්න රටක් ඉතුරු කලේ ඒ උත්තමයො , රන්ජලා වගේ උන් හිටියනං අද මේ රටේ ඔක්කොම මැරිලා. 🙂🙂

  2. GulSiri Lal Nanda says:

    Geetha Kumarasinghe is members of Parliment ,but like that SLPP of her politics also do not that ABCD of Politics. How can such MP face to crisis situation like this . This is a political tragedy of our so-called democracy advocated of leading political Parties in Parliment in Lanka.

  3. චතුර says:

    හැම ‌කෙනාම රංජන්ට සමාව දෙන්න කියල ඉල්ලනවා. ඒත්, මේ දක්වා රංජන් සමාව ඉල්ලලා නැහැ. රංජන්ට නැති රුදාවක් වෙන අයට තියෙන්නෙ කොහොමද?