රන්ජන්ට සමාව දෙන්න සූදානම්.. ඊට පෙර සමාව ගන්නැයි පණිවුඩයක්..

September 2, 2021 at 2:10 pm | lanka C news
රන්ජන්ට සමාව දෙන්න සූදානම්.. ඊට පෙර සමාව ගන්නැයි පණිවුඩයක්..

වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරන්නේ තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් සමස්ත විනිසුරුවන්ගෙන්ම රන්ජන් රාමනායක සමාව ගත යුතුව ඇති බවයි.

තමන් කළ වරද සම්බන්ධයෙන් සමාව ගැනීමක් සිදු කළහොත් ඔහුට සමාව ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීමට ඉඩ ඇති බවද ඒ මහතා කියා සිටියේය.

රන්ජන් රාමනායකට සමාව ලබා දීමට පියවර ගන්නා ලෙස විද්වතුන්, සිවිල් පුරවැසියන් නළු නිළියන් ඇතුළු බොහෝ පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බැවින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂ නායකවරයා ද ඊයේ ජනාධිපතිවරයාට දෙවැනි වරට ද ඉල්ලීමක් කර තිබිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4කට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා දී දැනට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයයේ රදවා සිටී.

80,116 views

42 Comments to “රන්ජන්ට සමාව දෙන්න සූදානම්.. ඊට පෙර සමාව ගන්නැයි පණිවුඩයක්..”

  1. Lal dayaratgne says:

    අනේ මෙි මහත්තුරුන්ගේ comment දැක්කහාම හරියට මෙයාල ගැන දුක හිතෙනවා, ලැජජයි,හිරිකතයි,අප්පිරියයි මෙි ග්‍රාමීය නොවැඩුණු මන්ද මානසිනත්වය ගැන. දැං රංජා හිරේ ඉන්නේ මිනි මරලද?ජාතික ධනය හොරා කාලද? කුඩු විකුණලාද? මෙි ජරා වැඩ කරණ එවුන් නිදොස් කොට නිදහස් කරලා රජයේ සභාපති කෙනෙකුත් කරලා තියෙන රටෙි නඩු කාරයෝ දුෂිතයි කියපු එකා එල්ලලා මරනන කථා කරණවා. චීයා ලැජ්ජයි.

  2. Lal dayarathbe. says:

    මෙි comment දැක්කහාම මෙි තුචිච ප්‍රාණීන් ගැන කණගාටුයි. මම නම රංජාගේ දේශපාලනය සහ අඩුම තරමෙි ඔහුගේ රංගනයට වත් කැමති නෑ, ඒ උනත් මෙි රංජන් ජනාතා මුදල් හොරා කෑව හොරෙක් නෙවෙයි,මිණී මරුවෙක්,කුඩු ⁣වෙළෙන්දෙක් නෙවෙයි, ඉතිං එල්ලලා මරන්න ඔිනේ එවුන් නිදහස් කරලා ආණ්ඩුවෙි සභාපති කමි දුන්න රටෙි, ඒවා ගැන මුක මූටිටු කර ගෙන ඉන්න වාහේලා රංජව එල්ලන්න කථා කරණවා, ලැජ්ජයි,හිරිකිතයි,ලැජ්ජයි මෙි මන්දමානසික නොමෙිරු මනසක් ඇති හාදයෝ ගැන.

  3. Silva says:

    මුලු සමාජයක් ගද ගස්සපු එකෙක් ආපහු ඒ සමාජයටම ගේන්න කියන්නේ පිස්සෙක්.

  4. Sharm says:

    Under which act is this condition applied?? So Lohan is the law maker now.. is it? That was all what was missing .. stupid idiots..

  5. NAK says:

    මෙයා කරපු දේවලට දඩුවම් විදීම නම් අනිවාර්යයි. හැබැයි දඩුවම නම් ටිකක් සැර වැඩියි.දැන් සමාව අරන් එලියට අවාම දුමියගෙනුත් කන්න වෙන බවත් සැලකිල්ලට ගත යුතුයි.

  6. සිසිල් සුදේශ් says:

    හිතවත් ලොහාන්,

    මම සමාව ඉල්ලන්න ලෑස්තියි. දුමින්ද සමාව ඉල්ලපු එකේ පිටපතක් මට එවනවද, ඒක බලාගෙන ඒ විදිහට මමත් ඉල්ලන්න?

    ස්තූතියි,

    මීට
    රංජා

Main News