රන්ජන්ට සිර දඬුවමෙන් පසුව වසර 07ක් ප‍්‍රජා අයිතිය අහෝසියි.. ඉන් පසුවත් පාර්ලිමේන්තු එන්න නම් ජනාධිපති සමාව අනිවාර්යයි..

January 18, 2021 at 3:30 am | lanka C news
රන්ජන්ට සිර දඬුවමෙන් පසුව වසර 07ක් ප‍්‍රජා අයිතිය අහෝසියි.. ඉන් පසුවත් පාර්ලිමේන්තු එන්න නම් ජනාධිපති සමාව අනිවාර්යයි..

සිරදඬුවම අවසන් වූ පසුව ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාවක් නොලැබුන හොත් කිසිදිනක නැවත පාර්ලිමේන්තු වීමට නොහැකි යයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කරයි.

සිර දඬුවම විදිනි කාලය තුළ ඔහුට පාර්ලිමේන්තු ඒමට කිසිම හැකියාවක් නැතැයි ද පවසන ඔහු මාස හයකින් පසු මන්ත්‍රී ධූරය ද අහෝසි වන බව ද පවසයි.

සිර දඬුවම අවසන් වන දින සිට වසර හතක කාලයකට ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වන බව ද ඔහු පෙන්වා දෙයි.

එම කාලයෙන් පසුවද ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට හැක්කේ ජනාධිපති සමාව ලැබුණහොත් පමණක් යැයිද ඒ මහතා තවදුරටත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

39,911 views

25 Comments to “රන්ජන්ට සිර දඬුවමෙන් පසුව වසර 07ක් ප‍්‍රජා අයිතිය අහෝසියි.. ඉන් පසුවත් පාර්ලිමේන්තු එන්න නම් ජනාධිපති සමාව අනිවාර්යයි..”

  1. Opa-dupa says:

    රටේ මිනිස්සු න්ට රන්ජන් ට වඩා ලොකු ප්‍රශ්න තියෙන්නේ . රන්ජන් කියන්නෙ මීලග ජනාධිපති නෙවෙයි නේ . මේ ප්‍රශ්න අස්සෙ කාලය වේගයෙන් යනවා . අවුරුදු 5 ඇගට නොදැනුවත්ව ම යයි මහත්වරුනි.

  2. ක්‍රිමිනල් says:

    මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අයිතිවාසිකම තිබෙනවා. නමුත් අධිකරණයෙන් වරදකරු වී දඬුවම් විඳිනවා නම් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා උසාවියෙන් හෝ ඇටෝරිනි ජනරාල්වරයාගේ අවසරය ලැබිය යුතුයි. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුවට ආවේ උසාවි ගිහින් බලපත්‍රයක් අරගෙනයි. ඒ නිසා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාටත් කැමැති නම් එසේ අවසරයක් ලබාගන්න පුළුවන්. මෙහෙම කියන්නේ පාර්ලීමෙන්තුවේ කථානායකවරයා , මෙගොල්ලන්ගේ බෛලා හොදයි ගොං බෛයන්ව අන්දවන්න..

  3. Open mind says:

    එතකොට ජනාධිපති කවුද ? උගතුන් වශයෙන් පෙනී සිටිමින් කරන හානි ඇති.

  4. Dilshan says:

    No sane person wants Ranjan out and no one want him to do politics again as he’s the most primitive man representing the parliament. Marvin Silva is much more moral man compared to Ranjan the Chicken theif

  5. නිවහල් මිනිසා says:

    පවතින රජයේ ක්‍රියා කලාපය අසික්කිතයි.. හාමුදුරුවරු මරපු පිල්ලෙයාන් වැනි අයට සමාව දීමමත් ,රන්ජන් රාමනායක මහතා අදිකරනය දූශිතයි කියූ වැකිය සනාට්ජ කිරීමක්.. එහෙව් රටක අඅහින්සක දුප්පත් රට වැසියාගේ අනාගතයට සදා සොත්ති භවන්තුතේ !!!!

  6. කඩියා says:

    රන්ජන් හට ජනාධිපති සමාව දෙනවා කියන්නෙ ජනාධිපතිතුමා පිළිගන්නවා අධිකරණය ක්ශේත්‍රයේ ඉන්න අයගෙන් 95% හොරු කියල. ඒක එහෙමද?

  7. Nimal says:

    Me annduwa gem gahanawanam hodama pilithura eka thamai

Main News