රන්ජන් අත්අඩංගුවට ගත්තේ ඇයි.. පොලීසියෙන් මෙසේ කියයි..

January 4, 2020 at 10:12 pm | lanka C news
රන්ජන් අත්අඩංගුවට ගත්තේ ඇයි.. පොලීසියෙන් මෙසේ කියයි..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට

නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත අද දින සවස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සෝදිසියට ලක් කරනු ලැබීය.

මෙම සෝදිසියේදී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගත් පිස්තෝල ගිනිඅවියක් හා එම අවිය සඳහා භාවිතා කරන උණ්ඩ 127ක් සැකකටයුතු ලේඛන කිහිපයක් සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පැය 19.30ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාස
පොලිස් මූලස්ථානය
කොළඹ 01

139 views

5 Comments to “රන්ජන් අත්අඩංගුවට ගත්තේ ඇයි.. පොලීසියෙන් මෙසේ කියයි..”

  1. යොහාන් තිසේරා says:

    ට්‍රිසන් හෙවත් රාජ්‍ය පාවා දීම කියන්නේ හිරේ යන්න ඕනා ඒවගේම පුරවැසි අයිතිය හෙවත් ප්‍රජා අයිතිය අහෝසි කලයුතු වරදක් .එකට අතරමැදි දඩුවම් නෑ. එනිසා කරුණාකර cid මහතුනි නිකන් අපිව අන්දවන්නේ නැතිව මේ මිනිහාට නිවැරදිව B වාර්තා පිළියෙළ කර වැරදි නැති චෝදනා පත්‍ර සකස් කර උසාවියට ඉදිරිපත් කරන්න .
    මොහුට කිසිසේත්ම ඇප ලබාදීම කල නොහැකියි

    • ඩපයා says:

      ඔබතුමාගේ කතාව ඇත්ත. දැන් මේක මහ විහිළුවක් වෙලා. අත් අඩංගුවට ගන්න ඕන දේවල් වලට නෙමෙයී නිකන් අදාලම නැති දේවල් වලට අත් අඩංගුවට අරන් ඇප දීලා නිදහස් කරනවා. මෙව්වට වගකිව යුත්තන් ඔක්කොමලා මක බාවන්න ඕනේ.

      • Danapala says:

        ඉතින් රාජිත කලෙත් ඕකමනෙ රජය පාවා දීම
        ස්විස් කේස් එකේදී

  2. Manel says:

    As I commented earlier, there may be certain police officers who got mixed up priorities. Perhaps put the govt in a difficult position. There may be more Shanees.

  3. සරා says:

    රන්ජන් ‌ෙකොහොමත් මාර්තු මාසේදි බරපතල වැඩ ඇතිව අවුරුදු 5කට 6කට හිරේ යන්න නියමිතයි.ඒ අධිකරනයට අපහාස කිරිම මත.

Main News