රන්ජන් ඇමතිකමින් ඉවතට..?

July 20, 2019 at 10:33 pm | lanka C news
රන්ජන් ඇමතිකමින් ඉවතට..?

රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාගේ ඇමැති ධුරය ඉවත් කරන ලෙස එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එජාපයේ මැති ඇමැති පිරිසක් විසින් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

බෞද්ධ භික්ෂුන් වහන්සේලාට චෝදනා කරමින් රන්ජන් රාමනායක මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය එක්සත් ජාතික පක්‍ෂයට බෞද්ධ ඡන්ද පදනම අහිමි කිරීම සඳහා බරපතළ ලෙස බලපාන බව ඔවුන් පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂය බෞද්ධ විරෝධී පක්ෂයක් ලෙස මෙවන් ප්‍රකාශ නිසා රට පුරා මතයක් ඇති වෙමින් තිබෙන බව ඔවුන් සදහන් කර තිබේ.

මෙවර කළ ප්‍රකාශය හේතුවෙන් රන්ජන් රාමනායක මහතාගේ ඇමති ධුරය අහෝසි කළ විධිමත් කළ යුතු බව එම පිරිස රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත.

පාස්කු බෝම්බය එල්ල වූ පසු මුළු මහත් බෞද්ධ සමාජයම කතෝලික ජනතාව වෙනුවෙන් පෙනී සිටින වෙලාවක රාමනායක මහතා බෞද්ධ භික්ෂූන්ට කරන අපහාසාත්මක ප්‍රකාශ නිසා එජාපය රට තුල බලවත් අපහසුතාවයට පත්ව ඇතැයිද මෙම පිරිස සඳහන් කර තිබේ.

මේ තත්ත්වය මත ඉදිරි දිනකදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර රාමනායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සිටීමටද මෙම පිරිස තවත් අවස්ථාවකදී පක්‍ෂ නායකත්වය හමුවීමට නියමිතය.

36,437 Viewers

17 Comments to “රන්ජන් ඇමතිකමින් ඉවතට..?”

  1. john the baptice says:

    මෙය රනිල්ගේ මැතිවරණ ජිල්මාට්ටුවක් පමණයි රැවටෙන්න එපා

    • derana වහල් හැත්ත says:

      කලගෙඩි හේනේ වැඩ දාපු දිනේෂ් නුවන් අමරතුංග ගුරා නිතරම දෙරණේ TV එකේ ඉන්න පොරක්. යු ටියුබ් බැලුවම තමයි මමත් දැක්කේ . මේ නිසා දෙරන් නිවුස් වල මේ කෙස් එක එච්චර පෙන්නුවේ නැ. නැත්ත ඉතිං එතන ඉන්න වහල් හැත්ත මේක රස කරකර කියන හැටි බලන්න තිබ්බා.

      Reply

      • George says:

        දෙරනේ චතුර ජරාව කන එකෙකෙක්. ගොඩක් ඇමති වරුන් ගෙන් එලිපිටම ජරාව කනව. ඒක හොදටම තේරෙන්නේ හිරු බලන්ඩ ඕනේ. රන්ජන් ගෙන් ජරාව කාල ඒ නිව්ස් දුන්නේ ගොඩක් සැර බාල කරල. හැම දෙයක්ම බය නැතිව කියන්නේ හිරු පමනයි. මෙහෙම ගියොත් දෙරනට අබ සරනයි දැනටමත් උදේ පත්තරෙ ගොඩක් දෙනා බලන්නේ හිරු එකෙන්. මේ ලගදී කටූන් එකක රන්ජන්ව පැහැදිලිව ඇදලා තියෙද්දී චතුරය කීවා ඒ සජිත් කියල.

      • Sathya says:

        Moda harako youtube eke derana news walata ghin balapan a gena kiyanawada nadda kiyala.

    • Amda says:

      එච්චර කොන්දක් තියෙනවනම් මොනව කරන්න බැරිද? රවියා, මුස්ලිම් ඇමතිවරු කලා වගේ නාටකයක් පමනයි

    • kawinda says:

      ranil thuma jeewitheta oya wede karanne nehe.

  2. gamarala says:

    ගොන්ජගේ තව රගපෑමක් පමණයි

  3. Mahasona says:

    බෞද්ද කතෝලික චන්ද ගන්න තව රගපෑමක් පමණයි

  4. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    මූ ඇමතිකමකට⁣ නෙවෙයි පියුං කමකටවත් සුදුසු එකෙක් නෙවෙයි. ගමෙි ඉන්දැද්දිත් කළේ අසමිමත්ජාති වැඩ.

  5. KP says:

    මේක මාර විහිළුවක්…. එජාපෙ බෞද්ධ විතරක් නෙවෙයි ලංකාවටම විරුද්ධ බව රන්ජන් හින්දා ඇතිවෙච්ච එකක් නෙවෙයිනෙ! එහෙම නං අයින් කරන්න ඕන රනිලා!

  6. Open mind says:

    ඔහු චෝදනා කළේ බෞද්ධ භික්ෂූන්ට නොවේ. එම නමින් විවිධ අපචාර සිදුකරන සිවුරු ආරක්ෂක පළිහක් ලෙස යොදා ගන්නා අයට. බුදු දහම රැක ගැනීමට වඩා ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සඳහා වංකව කටයුතු කරනවා.දායක පිරිස මේ ටික තේරුම් නොගැනීම ශාසනයට හානියක්.

    • පල්ලන්සේනෙ කොල්ලෝ says:

      බයවෙන්නෙපා, කලබල නොවී හිටපං, ඉතාම කෙටි කාලයකින් අධිකරණයට අපහාස කළ නඩුවෙන් මූ හිරේ.
      එතකොට ඇමතිකං නෑ. ජමිපරේ විතරයි.

  7. Sangadaasa says:

    මේ ගොන් නාම්බා එක්තරා පන්සලක නමක්ද ඒ පන්සල තිබෙන පාරේ නමද එම ප්‍රදේශයේ ජීවත්වන් ප්‍රසිද්ද පුද්ගලයෙකුගේ නමද තම යූ ටියුබ් වීඩියෝ එකක ප්‍රචාරය කරමින් සිටී. ඒ හිමිනම ඒඩ්ස් රෝගයට ගොදුරුවී ඇති බව ඔහු ප්‍රචාරය කරයි. එම හාමුදුරුවන්ගේ නම නොකීවත් උන්වහන්සේ දැන් කවුදැයි හඳුනාගත හැක. මෙය අපරාධමය වරදකි. මොහු අත් අඩන්ගුවට ගෙන නඩු පවරනු. මහනායකවරු මේ ගැන නිහඬව සැතපීම කණගාටුදායකය.

  8. MD says:

    Sure ekata Ranil Ranjanta vinaya parikshanayak tiyala hodata sudda karala sajila,karula okkoma elawala Ranjanwa janadipati apekshaka karai

  9. sathya says:

    මේක රනියගෙ උප්පරවැට්ටියක් දැන් ගොන්ජට දීල තියෙන නියෝජ්‍ය ඇමතිකම අයින්කරල  ඌට
    කැබිනට් ඇමති කමක් දෙන්ඩ!

  10. assanga says:

    my dear ranjan. you are a star. i am a practising buddhist. you have come out with the truth. please proceed not only this come out with mahanayakas and their children’s. give publicity that some children’s be checked with DNA of both parties. then mahanayakas would come and needown you

Main News