රන්ජන් ඇමැතිකමෙන් දොට්ට.. පක්‍ෂයෙන් නෙරපන්නත් සැලකේ..

August 6, 2019 at 10:00 am | lanka C news
රන්ජන් ඇමැතිකමෙන් දොට්ට.. පක්‍ෂයෙන් නෙරපන්නත් සැලකේ..

රන්ජන් රාමනායක මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉතා ඉක්මනින් ඉවත් කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විට ඒ මහතා සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයෙන්ද, විවිධ පාර්ශ්ව ගණනාවකින්ද පැමිණිලි විශාල ප‍්‍රමාණයක් අගමැතිවරයා වෙත ලැබී ඇතැයිද දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව පැමිණිලි ලැබෙමින් තිබෙන බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමේ නිර්දේශය ජනාධිපතිවරයා වෙත යැවෙනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ නිසා ආණ්ඩුවද විශාල අපහසුතාවකට පත් වන බවත්, රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවද ඒ මහතා පෙර ආකාරයටම හැසිරුණහොත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉවත් කිරීමට සිදුවන බවත් ඉහත ප‍්‍රකාශකයා පැවසීය.

රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් කළ එවැනි බරපතළ ප‍්‍රකාශයක් හේතුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී කරුණු කීමටද පසුව මහනායක හිමිවරුන් බැහැදැක සමාව ගැනීමටද ඔහුට සිදුවිය.

– divaina

17 views

27 Comments to “රන්ජන් ඇමැතිකමෙන් දොට්ට.. පක්‍ෂයෙන් නෙරපන්නත් සැලකේ..”

  1. Open mind says:

    නිළඇඳූම……..හොරා පොලීසිය ට…ත්රස්තයා හමුදාවට…..දේශපාලකයා ලෝගුවට / චීවරයට බියෙන්….ඇයි?

  2. Love nature says:

    මාලුවා නහින්නේ කට නිසා කියන කතාව බොරුවක් නෙමෙයි

  3. සිංහල බන්ඩා says:

    රන්ජන් කියන්නෙ රනිල නටවන කටට බ්රේක් නැති පරගැති ගොන් රෑකඩයක්.

  4. පොරමෝලා says:

    නළුවන්ට ඡන්දෙ දෙන්නේ මරි මෝඩ අමන තකතීරු ගල් මූසලයො

  5. kawinda says:

    ranjanta wageda Rizard ta thiyen chodana. issella uwa as karapalla. iilangata ranjan. ehema neda wenna ona..?

  6. nim says:

    රන්ජන් කියන දේ වල් බොරුම නෙවෙයි. සන්වේදී ප්‍රශ්න . තිත්ත ඇත්ත

  7. Ayotallah says:

    This guy is an agent to tarnish Theravada Buddhism inspired by the International Christian blocks such as Assembly of God, Jehovah Witness etc. There are other operatives hiding behind him Rosy Senanayake Iran Wickramaratne to name a few. There target is Local Bhikkhus and it is high time the Sri Lankans probe the Protestant fathers who are the agents and Not Roman Catholic Fathers for whom we have our highest respect. The people of Wayamba should expel this megalomaniac from the parliament

Main News