රන්ජන් ඇමැතිකමෙන් දොට්ට.. පක්‍ෂයෙන් නෙරපන්නත් සැලකේ..

August 6, 2019 at 10:00 am | lanka C news
රන්ජන් ඇමැතිකමෙන් දොට්ට.. පක්‍ෂයෙන් නෙරපන්නත් සැලකේ..

රන්ජන් රාමනායක මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉතා ඉක්මනින් ඉවත් කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විට ඒ මහතා සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයෙන්ද, විවිධ පාර්ශ්ව ගණනාවකින්ද පැමිණිලි විශාල ප‍්‍රමාණයක් අගමැතිවරයා වෙත ලැබී ඇතැයිද දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව පැමිණිලි ලැබෙමින් තිබෙන බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමේ නිර්දේශය ජනාධිපතිවරයා වෙත යැවෙනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ නිසා ආණ්ඩුවද විශාල අපහසුතාවකට පත් වන බවත්, රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවද ඒ මහතා පෙර ආකාරයටම හැසිරුණහොත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉවත් කිරීමට සිදුවන බවත් ඉහත ප‍්‍රකාශකයා පැවසීය.

රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් කළ එවැනි බරපතළ ප‍්‍රකාශයක් හේතුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී කරුණු කීමටද පසුව මහනායක හිමිවරුන් බැහැදැක සමාව ගැනීමටද ඔහුට සිදුවිය.

– divaina

17 views

27 Comments to “රන්ජන් ඇමැතිකමෙන් දොට්ට.. පක්‍ෂයෙන් නෙරපන්නත් සැලකේ..”

  1. Sun says:

    Sometimes he is telling the truth about drug dealers and all but some are without any evidence. But there are some other ministers know nothing about the basic things in the country. Rights of people and democracy are the areas no body knows I think. As some do not care and others have not enough brains to understand the content. These are the people going to ruin.

    • මහා නායක හිමි says:

      ප්‍රස්නයක් ඇතිනම් පමණක් ඊට විසඳුම් සෙවීම අවශ්‍ය වේ. රන්ජන් ප්‍රශනයක් ඇති බව කීවා. අනික් සියල්ලන් ප්‍රශනයක් නැති බව කියයි. ඉතින් විසඳුම කුමට. දැන් ප්‍රශ්නයක් තියනවා යයි කියූ මිනිසා බොරු කාරයෙකි. අන්තවාදියෙකි, බුදුදහම කෙළෙසන්න ආ නිඝන්ටයෙකි. ඔහු එල්ලා මර දමනු.

      • john the baptice says:

        රන්ජන් කියපු දේවල් මහා සංගරත්නයේ අයිතියක් ඒවට අභියෝග කරන්න බෑ. තවත් කතා කලොත් මූව අතුරුදහන් කරන්න ඕන.

    • මැැදමුලනෙ මුත්තා says:

      සමස්ත බෞද්ධ සාශනයටම අපහාස කරන මෙි අවජාතක පරංගියා ඇමතිකමෙන් පමණක් නොව මන්ත්‍රීකමෙන්ද එළවා දැමිය යුතුයි. මූ පල්ලන්සේන පල්ලියේ ටියුඩර් ගෝමස් පූජකවරයා තියාගෙන හිටි කොල්ලෙක්.

    • Amda says:

      This idiot should be kicked out from the country also

  2. Puransisku says:

    අයුක්තියට එරෙහිව සටන් කරන්නන්ට යූඇන්පියේ ඉඩ නැත. රනජන් කළ යුත්තේ යූඇන්පියෙන් අස්වී ජවිපෙට හෝ අඩුගානේ පොදු පෙරමුනට එක්වීමය.

  3. siri says:

    Matimola ratatama pililayak moowa ratenma pituwahal kalayuthui.

  4. රන්බණ්ඩා says:

    ගෙයක් බිඳපු හොරු රැළක් සොරාගත් රන්බඩුත් එක්ක කැලෑ වැදුනාලු යහමින් බෙදා ගන්නය හිතලා.
    හැබැයි බෙදා ගන්න ගියාම, හොරු එකෙකුට එකෙක් දෙවෙනි නොවී ඇණකොටා ගත්තාලු තමන්ගෙ කොටස් වෙන්කර ගන්න බැරිව.
    අවසානයේ උන් සැවොම එකිනෙකා හා රණ්ඩු වී මරුමුවට පත්වුණාලු.
    ඉඳින්…මේ යහපාලන ගෙරියන්ටත් උන් අපේ රටට කොරපු විනාශෙට වන්දි ගෙවන්න වෙන්නෙ ඒ කතාවස්තුවේ ආකාරයටමැයි.

  5. yvonne- chula says:

    ranjan said truth

  6. Banda says:

    රංජන් කියනදේ ඇත්ත කපටි පාලකයන්ට රිදිල..

  7. කුඹුර_බදුගත්_මාමා says:

    ඒකෙන් මේකෙන් කමක් නෑ.. අර රිජ්වේ ආර්‍යා ලමා රෝහලේ මැහුම් දාගෙන ප්‍රතිකාර ලබන පොඩි හාමුදුරුවෝ දෙනම ගැන කවුරු කවුරුත් බලන්නෙ නැද්ද??
    තව කී නමක් අප්‍රසිද්ධියේ ඇද්ද මැහුම් දාගන්න අවශ්‍ය ???

    • Rupe says:

      Church wala wadacarayo nisa mahum dagathu lamai ganath hoyalabalnna ona. Mokada pitaratwala ehemacarla farther la mattuwela hirabath kanawa.

      • nim says:

        රන්ජන් කියන දේ වල් බොරුම නෙවෙයි. සන්වේදී ප්‍රශ්න . තිත්ත ඇත්ත

      • Amda says:

        ..this is exactly what he wants.

        He is fulfilling a job for NGO $$$

        He wants to ruin the peace between Christians and Buddhists after 4/21 .. & divide Sinhalese.

  8. UNP-GALIBBA says:

    හැබැවින්ම ඕක සිද්දඋනාද මේ දකින්නේ දවල් හීනයක්ද​???

  9. Ariyathilaka says:

    වියවස්තාවේ දහහතර එක වගන්තිය බල
    රහිත වේදෝ,
    අවස්තාවේ දුසිල් බලමුළු එකට එක් වී
    ගමන යාදෝ,
    රටෙත් ජීවේ සිදී ගොස් වැසියා මහත්
    දුකකට වැටේදෝ,
    කලත්තෑවේ සොයිසටත් වැඩියෙන්
    මොවුන් දැන් දරුණු වේදෝ,

    • Deviyo says:

      Kaviye anthima padaya mehema vunaanam vadaa lassanai athi neva. “Batalande Ranilatath වැඩියෙන් මොවුන් දැන් දරුණු වේදෝ”

  10. රංගජීව​ says:

    ඔතන ප්‍රශ්ණෙ රන්ජන් නොවෙයි, මහා නායක ස්වාමීන් වහන්සේලා බලන්න ඕනේ රන්ජන් ගේ කථාවේ අන්තර්ගතේ පිලිඹඳවයි. ඔය පොඩි සාමනේර වහන්සේලාට පන්සලේ යහමින් ඉන්න නොදෙන පාදඩ, සාසනේ විනාශ කරන හාමුදුරුවන්ව එලවලා දාන ඕනේ.

    • Just says:

      I agree with you 100%. About 12 years ago, in Meegahathenna piriwena a young Samanera committed suicide by hanging himself. He left a letter stating his ordeal at that piriwena. He was a new comer to that place and lived there on a few days before killing himself.

      Although this type of incidents may be rare. They tarnish the image of all monks. Mahanayaka and other monks must pay attention and take actions to remove such bad eggs from temples.

Main News