රන්ජන් කියන කදුරට කම්කරු කොකේන් නායකයා තොණ්ඩමන්..

February 24, 2019 at 3:29 am | lanka C news
රන්ජන් කියන කදුරට කම්කරු කොකේන් නායකයා තොණ්ඩමන්..

රාජ්‍යය අමාත්‍යය රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිරුන් 24 දෙනෙකු පමණ කොකෙන් මත් ද්‍රව්‍යය භාවිතා කරන බවට කර ඇති ප්‍රකාශය හුදෙක් ජනප්‍රියතාවය පවත්වාගෙන යාම සදහා කල ප්‍රකාශයක් බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික හා හිටපු මධ්‍යම පලාත් අමාත්‍යය එම්.රාමේෂ්වරන් මහතා පැවසිය.

රමේෂ්වරන් මහතා ඒ බව කියා සිටියේ තලවකැලේ ප්‍රදේශයේ විවෘත කිරිමේ අවස්තාවකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එම්.රමේෂ්වරන් මහතා කියාසිටියේ මාස තුනකට වතාවක් රංජන් රාමනායක රාජ්‍යය අමාත්‍යයවරයා කිසියම් අන්දොලාත්මක ප්‍රකාශයක් සිදු කර මාධ්‍යය තුල තම ජනප්‍රියතාවය පවත්වාගෙන යන අයෙකු බවයි .

කෙකෙන් භාවිතය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ නම සදහන් කිරිම තරයේ හෙලා දකින බවත්, තම නායකයා කිසි දිනෙක මත් ද්‍රව්‍යය  භාවිතා නොකරන බවත්, රංජන්  රාමනායක මහතා කල ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ආරම්භ කර ඇති පරික්ෂණය සාධාරණව සිදු කර රංජන් රාමනායක මහතාට දඩුවමක් ලබා දිය යුතු බවයි එම්.රමේෂ්වරන් මහතා කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

16 views

2 Comments to “රන්ජන් කියන කදුරට කම්කරු කොකේන් නායකයා තොණ්ඩමන්..”

  1. ගන්ජ බන්ඩා says:

    රන්ජන් ට බැනවදින්නෙ නැතුව බ්ලඩ් ටෙස්ට් එකක් කොරල තමන් නිවැරදි බව ඔප්පු කලහම රන්ජ පජ වෙනබව තොන්ඩා දන්නෙ නැද්ද?

  2. n.s fasions kurunegala says:

    it is true he is cocain and cokc

Main News