රන්ජන් දේශපාලන ගණිකාවක්.. කොකේන් ප‍්‍රකාශයෙන් ලෝකය ඉදිරියේ රටම නෝන්ජල් වුණා..

February 24, 2019 at 4:40 pm | lanka C news
රන්ජන් දේශපාලන ගණිකාවක්.. කොකේන් ප‍්‍රකාශයෙන් ලෝකය ඉදිරියේ රටම නෝන්ජල් වුණා..

කොකේන් භාවිතා කරන පාර් ලිමේන්තු මන්ත්‍රීවරු සිටිනාවායැයි රංජන් රාමනායක මහතා සිදු කරන ලද ප්‍රකාශය මේ වන විට වඩාත් බරපතල වී ඇති බවත්.මේ නිසා ලංකාව ජාත්‍යන්තර රටවල් ඉදිරියේ ද හෑල්ලුවට ලක්වන බව පාර් ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් දක්වන ලද්දේ කොළඹ අලුත්කඩය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින්ය.

‘රංජන් රාමනායක ඇමතිතුමා ඒ කරපු ප‍්‍රකාශය වගකීම් විරහිත ප‍්‍රකාශයක්. එතුමා එහෙම කියනවානම් නම් කරන්න සහ ඔප්පු කරන්න පුළුවන් වෙන්න  ඕනේ. චෝදනා කරන්න  ඕනෑම කෙනෙක්ට පුළුවන් හන්දියේ කඩපිළක ඉදලත් , ඕන කෙනෙක්ට  ඕන කතාවක් කියන්න පුළුවන්නේ. එහෙම කිව්වා කියලා ඒක ඔප්පු වෙන්නේ නෑනේ.

ඒ නිසා චෝදනාව හරියට කරලා ඔප්පු කරන්න හැකියාවක් ලැබුනොත් ඒ අයට විරුද්ධව අවශ්‍ය කටයුතු නීති කටයුතු කිරීම සිද්ධ වෙයි.එහෙම බැරි වුනොත් එතුමාට විරුද්ධව පියවර ගැනීමට අනිත් අයටත් සිදු වේවි.

මොකද සාමාන්‍ය දේශපාලන වේදිකාවක කරන කතාවක් නෙමෙයි.මේක බරපතල චෝදනාවක්.  මේකෙන් හෑල්ලූවට ලක් වෙන්නේ පාර් ලිමේන්තු මන්ත‍්‍රීවරු විතරක් නෙමෙයි, මුළු රටම හෑල්ලූවට ලක්වෙනවා. ජාත්‍යන්තර මාධ්‍යවල යනවා , ජාත්‍යන්තර අවධානය යොමු වෙනවා. ඒ නිසා ලෝකයා ඉදිරියේත් අපි නෝන්ජල් වෙන වැඩක් මේක.

අනිත් කරුණ තමයි පාර් ලිමේන්තුවේ ඉන්න මන්ත‍්‍රීවරු 225 ට එක්කෙනෙක්ගේ රූකඩයක් වෙන්න හෝ එක්කෙනෙක්ට  ඕන විදිහට දේශපාලන ගණිකා ව්‍යාපාරයේ යෙදෙන්නත් බැහැ’ යැයි පැවසීය.

– මිනුර රශාන්ත

135 views

18 Comments to “රන්ජන් දේශපාලන ගණිකාවක්.. කොකේන් ප‍්‍රකාශයෙන් ලෝකය ඉදිරියේ රටම නෝන්ජල් වුණා..”

  1. amaris aiya says:

    කොකේන් ඇතුලු හෑම මත් ද්‍රව්‍යක්ම මේ රටට ගෙන්නන උන්ගෙන් සියයට 99ක්ම ගෙරි හම්බයෝ….මූ තව රංජගේ කතාවෙන් රට හෑල්ලුවෙන ගොං කටාවක් කියනවා…රංජා මෝඩයා උනත් ඌට ස්තුතිවන්ත විය යුතුයි මේවා ලෝකයා ඉදිරියේ හෙලි කිරීම ගැන…

  2. Asoka says:

    dan KUDU gahana mathi amethiwaru. tawa dawasaka RANJAN kiyai BADU GAHANA mathi, amethiwaru

    • bleo says:

      ඒක නම් ඌ කියන්නෑ ෂුවර් ! වීදුරු ගෙවල් ඇතුලෙ ඉඳන් ගල් ගහන්න හොඳ නෑනෙ. (පොනිල්, මොන්ගල වගේ අය ගහන ගල් න්වේ මම කියන්නෙ )

  3. RAW Agent says:

    yes
    true.

  4. හෙලුව විලි දකීය says:

    ඇත්ත කියවෙන විට හෙලුව විලි දකීය
    රටේම කුඩු මෆියාල බව ලොවම දනීය
    මෙයා කුලියට කැස්ස බව ගංජා දකීය
    අලුත්කඩේ හංගපු ඒවා දැන් එලි දකීය

  5. Udaya says:

    Dan ranjan waradiyata karala tiyenne me prakasaya witarada.. Anik prakasha niwaradida

  6. jsk says:

    නෝන්ජල් වෙන්න තවත් දෙයක් ඉතුරු වෙලා තියෙනවද? පාර්ලිමෙන්තුවෙ මහ එකාම මහ බංකුව මහදවල් මංකොල්ලා කාපු එකෙන් නෝන්ඩි උනේ නැද්ද මුලු ලෝකෙටම. අනික මේ කතා කරන එවුන්ම තමා මේ කුඩු මේ රටට ගෙන්වන තක්කඩි රැල. කොරාන් එකේ කුඩු ගහන එක හරාම්, කුඩු විකුනන එක හරාම් නැද්ද ?

    • Mangala says:

      කුරාන් එක තියෙන්නේ පල්ලියේදී පිලිපදින්න විතරයි .මුස්ලිම් පල්ලියක් ඇතුලේ කුඩු බොනවා …කුඩු විකුනනවා දැකල තියෙනවද

      • jsk says:

        “කුරාන් එක තියෙන්නේ පල්ලියේදී පිලිපදින්න විතරයි .” චහ් ! මන් දැනන් හිටියෙ නෑනෙ. එහෙනම් පල්ලියෙ බිත්ති හතර ඇතුලෙදි විතරයි වැරදි වැඩ කරන්න බැරි. එලියෙදි කුඩු ගැහුවට බඩු ගැහුවට, හොරකම් කලාට වැරද්දක් කියන්න බෑ. නියමයි. හෙට ඉඳල මම ඉස්ලාම් ආගමට යනව. අල්ලාහු අක්බර් !

  7. මැතිසබයේ නියෝජනය වන්නේ ජනතා පරමාධිපත්‍ය බැවින් සියලු මැතිවරණ අපේක්ෂකයින්ට මෙම වෛද්‍ය වාර්තාව ගැනීම අනිවාර්ය කල යුතුයි.
    නැතිනම් රට තවත් අගදයටම යාවි.

    • Victor says:

      Great suggestion. In some of the countries drug test is mandatory before starting a new job.

      • sancha says:

        Yes. I agree too. They can prove their innocence by appearing before a medical test. Now their trying to crush the question not facing the answer.

  8. leel says:

    බුරන්නෙ නැතුව හිටපන්….අදත් 295 kg අල්ලල….

    • බයියෙක් says:

      අනිවා…… හූ ඇන්පී නෙ …… අයෙ අහන්න දෙයක් නෑ.

  9. P.Pocket PM says:

    Mun thami (Musil Hamb Balu Thami Meke pitipssa Innena

  10. kasun says:

    Mekage namath list ake thiyenawalu

Main News