රන්ජන් නිදහස් කරන්නැයි කිහිප විටක්ම ජනාධිපතිගෙන් ඉල්ලුවා.. නමුත් කලේ නෑ…

January 4, 2022 at 3:16 am | lanka C news
රන්ජන් නිදහස් කරන්නැයි කිහිප විටක්ම ජනාධිපතිගෙන් ඉල්ලුවා.. නමුත් කලේ නෑ…

දූෂණයට මර්දනයට අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ අරගලය නව වටයකින් මේ වසරේ දී යළි ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය පූර්ණ වශයෙන් කැපවන බවත්, තම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් මුල් කොටගෙන එම අරගලය ආරම්භ වන බවත් විපක්ෂ නායකතුමා පැවසීය. රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් පුනපුනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් ඒ බොහෝ අවස්ථාවල සුබවාදී ප්‍රතිචාර වාචිකව හිමි වූ බවත් පැවසූ විපක්ෂ නායකතුමා , කණගාටුවට කරුණ වන්නේ අද වනතුරු එය ප්‍රායෝගිකව ඉටු ඉටුනොවීම යැයිද පැවසීය.

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අතර රංජන් රාමනායක මහතා හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායකතුමා මේ අදහස් පැවසීය.

– media unit

34,117 views

20 Comments to “රන්ජන් නිදහස් කරන්නැයි කිහිප විටක්ම ජනාධිපතිගෙන් ඉල්ලුවා.. නමුත් කලේ නෑ…”

  1. p.d goonawardena says:

    මොකෝ මේ …ඇයි මචන් හවුලේ කවුරුත් තව ගොන් පාට් දාන එවුන් ඕකේ නැද්ද​???

    • Akbar says:

      සජිත් හිතාගෙන ඇති ලාබෙට ජනාධිපති වෙන්න – මූට මතක නෑ යහපාලනය නමින් මුන් රට විනාශකරපු බව, තායේ තායේ………..

  2. දේවක says:

    එකම වතාවක්වත් රන්ජන් සමාව ඉල්ලා නැහැ. උද්දච්ච කමේ තරම. තමන්ට සමාව අවශයනම් තමුන් ඒක ඉල්ලනින ඕනෑ. හෙංචයියො දාල ඉල්ලුවාට වැඩක් නැහැ. මට හිතෙනවා රන්ජන් සමාව ඉල්ලුවොත් ජනාධිපති තුමා සමාව දෙයි කියලා.

  3. දේවක says:

    එකම වතාවක්වත් රන්ජන් සමාව ඉල්ලා නැහැ. උද්දච්ච කමේ තරම. තමන්ට සමාව අවශයනම් තමුන් ඒක ඉල්ලන්න ඕනෑ. හෙංචයියො දාල ඉල්ලුවාට වැඩක් නැහැ. මට හිතෙනවා රන්ජන් සමාව ඉල්ලුවොත් ජනාධිපති තුමා සමාව දෙයි කියලා.

  4. NuwanJ says:

    බයිලා නොකියා රටේ නිතිය අනුව කටයුතු කරන්න. මැන් නිදහස් කරන්න නම් නිතිය අනුව නිදහස් කරන්න කියල අනිත් අය කියල වැඩක් නැ රන්ජන්ම ලිඛිතව ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරන්න ඹනි.
    නැතිව ජනාධිපතිට නිදහස් කරන්න බෑ.
    නිතිය දන්න අය ඔක දැනටමත් මාධ්‍යයට කියල තියනවා. සැබැවට වුවමනා නම් එක කරන්න

  5. Ayotallah says:

    The best option available for the HE the President is to ignore these requests What R has done was queried by the SC and punishment was given. Let him be at the Prison for next 3 years He has to repent what he did for the judges and numerous girls

  6. John the baptice says:

    රන්ජන් මහා බැංකු හොරා රනිල් ගැන කිසිම වචනයක් කතා කලේ නැහැ අවස්ථාවාදියා

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ගොන්ජව නිදහස් කලොත් ගොන් බානයි.තනි ගොනෙකුට බර අදින්න අමාරුයි.තනියම බර කරත්තෙ අදින ගොනෙකුට අයිතියක් තියනව උගෙ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න​.ජහ්,ජහ්,හෝව් හෝව්..

Main News