රන්ජන් නිදහස් කිරීම ගැන ජනපතිගේ ප‍්‍රතිචාරය…

September 14, 2021 at 9:20 am | lanka C news
රන්ජන් නිදහස් කිරීම ගැන ජනපතිගේ ප‍්‍රතිචාරය…

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කිරීමක් ගැන පැතිරෙන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ පිළිබඳව තමාට කිසිදු දැනුවත් කිරීමක් කර සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයිද ඔහු පැවසීය.

රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.

අද හෙටම රාමනායක මන්ත්‍රීවරයා නිදහස් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව විපක්‍ෂ නායකවරයා මැතකදීද ප්‍රකාශයක් සිදු කරන ලදී.

අදාල ප‍්‍රකාශයන් ගැන කරුණු විමසීමේදී ලොහාන් රත්වත්තේ මහතා ඒ බව කියා සිටියේය.

252,813 views

33 Comments to “රන්ජන් නිදහස් කිරීම ගැන ජනපතිගේ ප‍්‍රතිචාරය…”

  1. Piyadasa Yalagala says:

    How can that President of Sri Lanka give a pardon to ex-MP of Ranjan Ramanayake was convicted by Supreme Courts Judges on ground of contempt of courts..? That ex-MP of UNP + SJB members made serious allegation against ALL JUDGES are corrupted,so SC has decided those allegation are wrong and cannot accepts by SCJ .
    In fact CBK of Ex-President and Leader of Opposition of SJB leaders has demand to release Ranjan R… from Jail…how can they justified that previous judgment or Verdict was wrong … On what grounds ….??? Is President believes that said request those leaders make a just-cause one ?

  2. කුඩු සහ බඩු says:

    කුඩුකාරයෝ එළියට දැම්මත් බඩු කාරයෝ එලියට දාන සිරිතක් නැහැනේ

  3. Silva says:

    ලොහාන් නිතරම බීල ඉන්නෙ තමන් කරපු අපරාධ මිනිමැරුම් සිතට වද දෙන නිසා. නීතියෙන් ගලවුනත් හර්ද සාක්ශියෙන් ගැලවීමක් නැත. ජීවිතේ අවසාන කාලයේ පිස්සෙකු වනු නොඅනුමානය.

  4. Amda says:

    Good !
    Don’t let the dogs out

  5. Karunasena says:

    රන්ජන් වීරයෙක් වගේ හිරේ ගියානම් වීරයෙක් වගේ එළියට එනවා මිසක් දේශපාලන තක්කඩින් පිටිපස්සෙ යන්න ලැජ්ජ නැද්ද?

Leave a Comment

Main News