රන්ජන් බන්ධනාගාරයේත් නීති කඩයි.. බොරු කොණ්ඩයත් බලෙන් ගනී..

January 25, 2020 at 10:12 pm | lanka C news
රන්ජන් බන්ධනාගාරයේත් නීති කඩයි.. බොරු කොණ්ඩයත් බලෙන් ගනී..

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ගතවන විට භාරදිය යුතු බොරු කොණ්ඩය මෙතෙක් මැගසින් බන්ධනාගාර ගබඩාවට භාරදී නැතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

බන්ධනාගාරගතවූ ඉකුත් 15දාම සිය බොරු කොණ්ඩය ගලවා නැති ඔහුට බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර නීතිය පහදා දී අවවාද කිරීමෙන් පසුව එය ගලවා දමා ඇතත් එය ඔහු රඳවා සිටින පී සිරකුටියේ තබාගෙන සිටින බව පැවසේ.

බන්ධනාගාර ආඥා පනතට අනුව සිරගත වන හෝ රිමාන්ඩ් භාරයට පත්වන ඕනෑම අයකු බන්ධනාගාරයට ඇතුළු වන අවස්ථාවේදීම සිය බොරු කොණ්ඩ, බොරැ දත්, මිල මුදල්, රන් ආභරණ හෝ කෘත්‍රිම අත් පා ගලවා ඒවා ගබඩාවට භාරදිය යුතු බවට එම නිලධාරීහු පවසති.

එහෙත්, රන්ජන් රාමනායක මහතා මේ දක්වාම සිය බොරු කොණ්ඩය භාර නොදී “බාබර් පාටියේ” සිරකරුවකු ලවා හිස බූ ගාගෙන ඇතැයිද කියති.

– deshaya

42,249 Viewers

3 Comments to “රන්ජන් බන්ධනාගාරයේත් නීති කඩයි.. බොරු කොණ්ඩයත් බලෙන් ගනී..”

  1. kamal says:

    බන්ධනාගාරෙ ඉන්න නිලධාරීන් කොන්ද පන නැති නපුන්සකයෝද?

  2. kkuruwita says:

    මේ සත පහක වැදගැම්මක් නැති හිවල් අපතයෙක් ගැන මෙච්චර මොනවට ලියනවද කියල හිතෙනව. අද වර්තමාන ජන සමාජය තුල ගෝටා සාධකය නිසා අපටත් නොදැනීම ඇතිවේගන යන ධනාත්මක වෙනස්කම් ගැන ලිව්වොත් මීට වඩා හොඳයි.

  3. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    රන්ජගෙ බොරැ දත් සෙටි එකත් ගලවන්නෙ නැත්තේ ඇයි. මුගේ කටෙි දකුණුපැත්තේ බොරැ දත් තුනක් සවිකර තියෙනවා. ඒක ගලවන්න බන්ධනාගාර නිළධාරීන්ට පන නැද්ද?

Main News