රන්ජන් විනිසුරන්ට ඇමතූ හඬ පට 63ක් හෙලි වෙයි..

February 13, 2020 at 12:01 am | lanka C news
රන්ජන් විනිසුරන්ට ඇමතූ හඬ පට 63ක් හෙලි වෙයි..

අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අදාළ නීති කෘත්‍යය අද කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අනාවරණ කළේ, අවස්ථා රැසකදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා චෝදනා ලැබූ විනිසුරුවරුන් සමග දුරකතන සංවාද පවත්වා ඇති බවයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේය.

ඒ අධිකරණ කටයුතුවලට මැදිහත්වීම සහ බලපත්‍ර අලුත් නොකළ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම යන චෝදනාවලට අදාළ නඩු විභාග සඳහායි.

අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළව රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර එම නීති කෘත්‍යට අදාළව රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂාවක්ද පසුගිය පෙබරවාරි 07 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී සිදු කෙරුණි.

බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළග තබාගැනීම සදහා වන නීති කෘත්‍යය අධිකරණය හමුවේ කැදවනු ලැබු අතර එහිදී අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලිප් පීරිස් මහතා කියා සිටියේ රංජන් පරිහරණය කළ ගිනි අවිය සමග උණ්ඩ 127ක් තිබූ බව විමර්ශන හරහා අනාවරණ වී ඇති බවයි.

සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙකුට ලබාදෙන්නේ උණ්ඩ 20ක ප්‍රමාණයක් පමණක් බැවින් සැකකාර රංජන් රාමනායකට නියමිත උණ්ඩ ප්‍රමාණය ඉක්මවා උණ්ඩ 100කට අධික ප්‍රමාණයක් ලබාදුන්නේ කුමන පදනමක් මත දැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යශයෙන් විමසීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යංශයෙන් ඔහුට එම උණ්ඩ ලබාදී නොමැති නම් තමා සන්තකයේ තිබු වෙඩි උණ්ඩ සම්බන්ධයෙන් සැකකරු කරණු පැහැදිලි කළ යුතු බවද දීලිප පිරීස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

මේ අතර තමාව ඝාතනය කිරීම සදහා සැකකාර මන්ත්‍රීවරයා සැලසුම් කර ඇති බවට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූලස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අදාලව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණට දැනුම් දුන්නේය.

අනතුරුව සැකකාර රංජන් රාමනායක මන්‍ත්‍රීවරයා විසින් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් විනිසුරුවරු සමඟ සාකච්ඡා කිරීමට අදාල නීති කෘත්‍යය අධිකරණය හමුවේ කැදවනු ලැබුවේය.

එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සදහන් කළේ 2015 වසරේ ජනවාරි 1වනදා සිට 2019 වසරේ දෙසැම්බර් 31 දක්වා රංජන් රාමනායක මහතාගේ දුරකථනයට අදාල දුරකථන ඇමතුම් වාර්තාවක් විමර්ශකයින් විසින් මේ වනවිට ලබාගෙන ඇති බවයි.

එම වාර්තාවට අනුව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනි එන්.රණවක මහත්මිය සමග සැකකාර මන්ත්‍රීවරයා අවස්ථා 33කදී දුරකථන සංවාද වල නිරත වී ඇති බවත් ඒ අතරින් ඇමතුම් 23ක් සැකකරු විසින් ආරම්භ කර ඇති අතර, ඇමතුම් 10ක් මහාධිකරණ විනිසුරුවරිය විසින් සැකකරුට ලබා දී ඇති බවද නියෝජ්‍ය ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එමෙන්ම වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සමඟ අවස්ථා 10කදී සැකකාර මන්ත්‍රීවරයා දුරකථනය හරහා සංවාදයේ නිරත වී ඇති බව පැවසු නියෝජ්‍ය සොලිස්වර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ඒ අතරින් ඇමතුම් 6ක් සැකකරු විසින් ආරම්භ කර තිබු අතර ඇමතුම් 4ක් ගිහාන් පිලපිටිය මහතා විසින් ආරම්භ කර තිබු බවයි.

ඒ අතරින් පළමු දුරකථන සංවාදය 2016 වසරේ ඔක්තෝම්බර් 6 වනදාත් අවසන් දුරථකන සංවාදය 2019 වසරේ සැප්තැම්බර් 19 වනදාත් සිදුවී ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම හිටපු බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා සමග සැකකාර මන්ත්‍රී රංජන් රාමානායක අවස්ථා 20කදී දුරකථනය ඔස්සේ සාකච්ඡා කර ඇති අතර ඒ අතරින් ඇමතුම් 10ක් ධම්මික හේමපාල මහතාත් ඇමතුම් 10ක් රංජන් රාමනායක මහතාත් ලබාගෙන ඇති බව නියොජ සොලිස්ටර්වරයා අනාවරණ කළේය.

එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ පෞද්ගලික හේතුන් මත ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදුන් උපදෙස් වලට අදාලව තමා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු නොවන අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වනු ඇති බවයි.

කෙසේවෙතත් මාධ්‍ය හරහා විකාශය වූ ගිහින් පිලපිටිය මහතාගේ එක් දුරකථන සංවාදයක හඩපටයක් මුල්කරගනිමින් නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති අතර රංජන් රාමනායකගේ හඬපට තොගය අතර ඇති අනෙකුත් අවස්ථා 9ය නොපමාව විමර්ශකයින්ට ලබාදෙන්නැයි රජයේ රස පරික්ෂකවරයාට දැනුම් දී ඇති බවද නියොජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේය.

එමෙන්ම පද්මිණි රණවක මහත්මියද 2016 වසරේ ජූලි 14 වනදා සිට රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාද වල නිරත වී ඇති අතර බද්දේගම හිටපු මහේස්ත්‍රාත්ධම්මික හේමපාල මහතා 2017 වසරේ ඔක්තෝම්බර් 31 වනදා සිට දුරකථන සංවාද වල නිරත වී ඇති බව නියොජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

එම දුරකථන සංවාද අතරතුරදී එම විනිසුරුවරුන් දෙදෙනාද පවතින අධිකරණමය කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්දැයි පරිවේෂණිය සාක්ෂි ඔස්සේ සලකා බලා ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස්ම ඔවුන් සම්බන්ධයෙන්ද ලබාදීමට නියමිත බව නියොජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම සැකකරු මේවනවිටත් හැසිරෙමින් තිබෙන්නේ ලබාගත් වීර චරිතයකට පණ පොවමින් වන අතර ඔහු අධීකරණ පරිශ්‍රය මාධ්‍ය සංදර්ශන සදහා තෝතැන්නක් කරගෙන ඇති බවද නියොජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පවසා සිටියේය.

රජයේ පරික්ෂකට යොමු කිරීමේන අනතුරුව බන්ධනාගාර නිලධාරින් විසින් සැකකරුව පිටතට රැගෙන ආ අවස්ථාවේදී ඔහු මාධ්‍ය හමුවේ තමා සතු හඩපට සම්බන්ඡධයෙන් ප්‍රකාශයක් කර ඇති බවද නියොජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරීස් සඳහන් කළේය.

බන්ධනාගාර බස් රථයේ ජනේලයින් පවා කෑගසමින් අධිකරණ පරිශ්‍රයට පැමිණෙන සහ ඉන් පිටතට යන මෙම සැකකරුට ඇප ලබාදීම හරහා ඉදිරි විමර්ශන සම්පූර්ණයෙන්ම අඩපණ වීමට හැකි බැවින් සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන්ද දැඩි විරෝධතාවය පලකරන බව නියෝජ්‍ය සොලිස්ටර්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා සඳහන් කළේ තම සේවාදායකයාට එරෙහිව ඇති චෝදනා ඇප දිය හැකි චෝදනා වන අතර ඔහු මේවන විටත් දින 30ක් බන්ධනාගාර ගතව සිට ඇති බවයි.

ඔහුට ඇප ලබාදුනහොත් විමර්ශන අඩපණ වනු ඇති බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් කරනු ඇති බවත් පැවසීම මනංකල්පිත චෝදනා වන බැවින් ඕනේම කොන්දේසියක් මත සැකකරුට ඇප නියමකරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

කෙසේවෙතත් දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා නියෝග කළේ සැකකරු මෙමස 26 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව කරුණු සලකා බැලූ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ පැල්පොළ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා එළඹෙන 26 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

– adaderana

20,387 Viewers

4 Comments to “රන්ජන් විනිසුරන්ට ඇමතූ හඬ පට 63ක් හෙලි වෙයි..”

  1. Ane Kaale, Wane Waase! says:

    Bullets 100 k laba dunne kumana padanamakindai soya balanawa!
    Thawa kopamana kalak ganeewida ? Ona karayida?

  2. Trump-WH-USA says:

    It is very true that poor Ranjan Ramanayaka took orders and instructions from Ranil and other senior ministers in UJNP and from Anura Kumara, cardboard leader of JVP and Maithripala Sirisena to get poor Ranjan to talk to the Judges in SL courts to give wrong decisions to throw Rajapaksas in jail. All these UNP, JVP bastards and Maithripala , all these bloody thieves, looters, corrupt and dirty political Traitors of SL and those corrupt SL judges in courts should be thrown in Jail for a long time to do hard labour and should release poor Ranjan who is a bloody fool to obey these bloody bastard politicians of SL.

  3. This individual, is looking for fame.He has ruined his life and lives of others.He is a loud mouth individual.I do not think he is mentaly stable.I remember the way he spoke on various meeting during the campaighn. He insulted so many people.An intelligent human being won’t do things like that.He should realise, that if you spit by looking up, it would land on your face.It is better to keep him locked up.

  4. අක්බාර් ලොක්කා says:

    මූ මේව කරන්න ඇත්තෙ විදේශීය අධිකරණයක් ගෙන්වා ගැනීමට ස්විස් තානාපතිගෙ කොන්ත්‍රාත්තුවක් මත වෙන්න බැරිද ?

Main News