රන්ජන් වෙනුවෙන් ජාත්‍යන්තරයට යනවා…- සජිත්

February 26, 2022 at 8:40 am | lanka C news
රන්ජන් වෙනුවෙන් ජාත්‍යන්තරයට යනවා…- සජිත්

වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

25 වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය විපක්ෂ නායකතුමා ඉන්න අනතුරුව මේ බව පැවසීය.

“රන්ජන් රාමනායක ජනතාවාදී මානව හිතවාදියාගේ නිදහස වෙනුවෙන් අදටත් අපි ප්‍රජාතන්ත්‍රවාදී සටන සහ අරගලයේ සිටිනවා. විශේෂයෙන් ම එතුමා සිරගත වී සිටීම අපටත් රටටත් දැනට පාඩුවක් හැටියටයි මම දකින්නේ. අද වගේ දවසක රන්ජන් රාමනායක මැතිතුමා නිදහස්ව සිටියානම් මේ රටේ දුක්විඳින ජනතාවගේ දුකට පිහිට වන්නට එතුමා ඉමහත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. පුන පුනාම ගරු ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කළා රංජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා. ඊයේ දවසේත් අද දවසෙත් අපි ඒ ඉල්ලීම ඉදිරිපත් කළා. නමුත් තවමත් එතුමාට ඒ නිදහස ලැබිලා නෑ. අපි කාරුණිකව මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා නැවතත් ඉල්ලනවා.

ඒ වගේම අපේ බලාපොරොත්තුව අපේ අදහස රංජන් රාමනායක මැතිතුමාගේ පූර්ණ නිදහස මේ රට තුළ දිනා ගැනීමයි. අපිට කිසිසේත්ම වුවමනාවක් නැහැ වෙනත් පිටස්තර ප්‍රවාහයක් හරහා එය දිනා ගැනීම ලබාගැනීමට. නමුත් දේශීයව අපට ඒ ජයග්‍රහණය ලබන්න බැරි නම් අපට සිදු වෙනවා මේ මානව හිතවාදියාගේ නිදහස වෙනුවෙන් කළ හැකි සියලුම නීතයානුකූල ප්‍රජාත්‍රන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ඉෂ්ට කරන්න. හැබැයි ඒ ක්‍රියාදාමය තුළ අපි කිසිලෙසකත් අපේ රට, අපේ මාතෘභූමිය, ස්වෛරිත්වය, භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය, මානව අයිතිය මානව නිදහස කෙළෙසන්න ට උල්ලංඝනය කරන්නට අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ මන්ද අපි සැබෑ දේශප්‍රේමීන්. අපි සැබැවින්ම රටට ආදරය කරන මේ මාතෘ මාතෘභූමියේ ජනතා සේවකයින්. ඒ නිසා අපේ ඒකායන අරමුණ රන්ජන් රාමනායක මැතිතුමාගේ පූර්ණ නිදහස දිනා ගැනීමයි . ඒ උදෙසා අපි දේශීයව සහ විදේශීයව අපට ප්‍රජාතන්ත්‍රවාදී ම නිත්‍යානුකූලව කළ හැකි ඉහළම කාර්යභාරය අපිට කරන්නට කැප වෙනවා.

– media unit

9,830 views

18 Comments to “රන්ජන් වෙනුවෙන් ජාත්‍යන්තරයට යනවා…- සජිත්”

  1. චන්ඩි කොල්ලා says:

    ඔව් ඔව් පලයන් ජාත්‍යන්තරයට! මොකද එහෙත් වැඩිපුරම ඉන්නේ පස්ස පැත්තට ආදරය කරන එවුන් නිසා ගොන්ජා වගේ පුප්කාරයෙකුට උදව් නොකර ඉන්න එකක් නැහැ!

  2. JR says:

    ජාත්‍යන්තරේට ගිහිං යුක්රේනෙට වුන දේ තමයි වෙන්නෙ… ගොන්ජන් වෙනුවෙන් අපායට පල… පියානොත් එහෙ ඉන්න නිසා උදවු කරයි..

Main News