ශ‍්‍රී මහා බෝධිය වටා තියෙන්නේ තනි කැරට් 22 රන් වැටක්.. ඒක මගේ වැඩක්..

February 21, 2020 at 6:22 am | lanka C news
ශ‍්‍රී මහා බෝධිය වටා තියෙන්නේ තනි කැරට් 22 රන් වැටක්.. ඒක මගේ වැඩක්..

ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස බෞද්ධ සිද්ධස්ථාන සඳහා මුදල් වෙන් කරමින් බෞද්ධයින් අතර විශ්වාසයක් ගොඩනැගෙමින් සිටියදී බුදුදහම සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිදු කල ප්‍රකාශ නිසා තම වෑයම ගඟට කැපු ඉණි කැපුවා සේ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ නෙලුවේදී පැවසීය.

මට ලැබුණු ස්වදේශ කටයුතු ඇමතිකමෙන් මම පන්සල් වලට ඇතිවෙන්න සල්ලි බෙදුවා.ජයශ්‍රී මහා බෝධියේ රන්වැට අද තියෙන්නේ කැරට් 22 රත්තරන්වලින් නිර්මාණය කරලා.මම ශ්‍රීපාදය ගැසට් කලේ මම.තවත් විහාරස්ථාන රාශියක් පුජා භුමි ලෙස ගැසට් කළා.ස්වදේශ කටයුතු ඇමතිකම හරහා මම පිංකම් ගොඩක් සිද්ද කරගත්තා.ජනතාව අතර ලොකු විශ්වාසයක් ගොඩනගාගෙන එනකොට පක්ෂයේම මන්ත්‍රීවරුන් මහා සංඝ රත්නය ගැන සිද්ද කල ප්‍රකාශ සහ ක්‍රියා පිළිවෙත නිසා මහා සංඝ රත්නය සහ බැතිමතුන් අතර රජය කෙරෙහි විශ්වාසය නැතුව ගියා.ජනාධිපතිවරණයේදී ඒක ලොකු අවාසියක් වුනා.විපක්ෂයත් මාකට් කලේ ඒවගේ මාතෘකා.එකෙන් ලොකු අවාසියක් අපිට සිද්ද වුනා.

රන්ජන් වේදිකාවක නැගපු හැමවෙලාවකම ඉවක් බවක් නැතුව සිදු කල ප්‍රකාශ නිසා මහා සංඝ රත්නය අතර ආණ්ඩුව සම්බන්ධයෙන් තිබුණු විශ්වාසය පලුදු වුනා.මිනිස්සු අතර මතයක් ගොඩනැගුනා.යු.එන්.පී එක බුදුදහමට නිසි තැන ලබාදෙන්නේ නැහැ කියලා.

වෙලාවට රන්ජන් වේදිකාව නගින්න නගින්න අපිට සිංහල බෞද්ධ චන්ද පදනම අහිමි වෙන්න ගත්තා.ගාල්ලේ වේදිකාවට ගොඩ උනානම්  මහා සංඝරත්නය වේදිකාවෙන් බැහැලා යනවා.යන යන තැන ආසන පරද වුනා.ගාල්ල විතරයි දිනාගන්න පුළුවන් වුනේ…රන්ජන් ගාල්ලේ වේදිකාවට ආවනම් මට ගාල්ල ආසනයත් පරදින්න තිබුනා..ඇමතිකම හරහා මම සිංහල බෞද්ධයින් අතර ඇතිකරගත්ත විශ්වාසය අහිමි කළා.නැවත ඇමතිකමක් ලැබුනොත් මම කරන්නේ ස්වදේශ කටයුතු ඇමතිකම ඉල්ලගෙන සම්බුද්ධ සාසනය වෙනුවෙන් දායකත්වය  ලබාදෙන එක කරනවා.

– රනිල් ප්‍රියංක ගමගේ

29,452 Viewers

16 Comments to “ශ‍්‍රී මහා බෝධිය වටා තියෙන්නේ තනි කැරට් 22 රන් වැටක්.. ඒක මගේ වැඩක්..”

  1. Upul says:

    This guy is a useless dumb AH. He only knows how to brown nose Ranil.

    • Jeewani kariyawasam says:

      How can you say like that , so far no complaints about this gentleman

      • David Milli-banda says:

        This guy is all fa*t but no sh*t…………..
        I carat fence is not going to help him in anyway other than he is seen as a first class idi*t.
        A man with a pea size brain…………

        Ithin moowa marandadha?? Kill the voters who voted for such an idi*t.

    • Amda says:

      Sounds like a another big scam

    • Susil says:

      These type of politicians and a low percentage of monks make money by selling the sacred word “Saddha” (believing all good deeds would yield more comfort in next life). I am a Buddhist too but the most of the Buddhists have had become victims of these monks and politicians like this guy who in turn enjoy palatial life styles in contrary to ‘what Lord Buddha has told” them. I am only against over doing.

  2. Disce ammata discede says:

    බොරු. රන් වැට තනි රත්තරං නොවේ. හැබැයි මෙයා ඒ ගානට කෝටි ගානක මහජන මුදල් පේමන්ට් එකක් කාට හෝ කරලා වගේ.

  3. Dp says:

    හිටපු ඇමතිතුමා …හැමදේම මම ..මම නෙමෙයි ..’අපි’. ඔය හැමදේකටම රජය ඔබ සමග සිටිය යුතුයි . කරපු වැඩ හොඳයි , එත් ඒ ඇමති වශයෙන් ඔබේ වගකීම .ඒ වගකීම ඉෂ්ට කරන්න පැවරීමෙන් ජනතාව අති විශාල මුදලක් ගෙවනවා ඔබව සහ ඔබේ පරපුර නඩත්තු කිරීමට . සැප ගෙවල් ,ac,සැප වාහන කීපයක් , paid විදේශ සoචාර ..

  4. RW says:

    This guy will be home at next election . 100% sure .

  5. Gonsun says:

    Ado bada, Boru Kiyannna epa parayo.

    Ranveta Kale Piththala Bar walin, Jinasena samagame CNC Lathe yanthrayen.

    Pasuwa Ran.Alepa Keruwa.

    Gemunu Silva Engineer yatathe savikala.

    Etula Piththala, tho ehenam Raththaran Kiyala Piththala deela martiya gehuwa da bola?

    • තෝ රත්තරන් හොරකමි කරලා අපායට ආවාම අපායේ කටුගහත් රන්පාට ගාලා තියන්නමි කැරටි 22 කියලා හිතාගෙන ඒකේ නැගපං හොර අලිය

  6. ලකිය says:

    ගාල්ලේ මිනිස්සු දන්නව ඔබතුම නැමිල දෙකපුන හැටි කොනකපාලයන්ට

  7. Ratnamalala says:

    මෙයාගේ අම්ම තාත්තගේ බූදලයෙන් වෙන්න ඇති මේ රන්වැට හදන්න ඇත්තේ. කොයි වෙලාවකහරි හොරකම ජීවිතය කරගත්තු දේසපාලුවෙක් රන්වැටට ගේමක් දෙන්න බැරි නැහැ.

  8. Parakum says:

    It must be made out of FOOLS GOLD?

  9. Love nature says:

    උපාසක සක සක රෑට බෝතල් දෙක දෙක කිව්වලු.

  10. ධනංජය says:

    තමුසෙට ලැජ්ජ නැද්ද ඔියි ඔහොම කියන්න…. මම ඉන්නෙත් තම්සෙගෙ ගෙවල් ලග. හිරිඹුර ජයසේකරාරාමය මතකද. ඇයි ඔහේගෙ ගෙවල් ලගනෙ. අපි ගියා පන්සලට වතුර ගන්න සල්ලි ඉල්ලගන්න. පාරේ යන වතුර ලයින් එකෙන් ටැප් එකක් පන්සල් වත්තට දාගන්න. මතකද මොකද්ද කිවුවෙ කියල…. අන්තිමට අපි සල්ලි එකතුකරල පන්සලට වතුර ගත්තෙ. තමුසෙට කොහොමත් තමිබි ලොකු වුනානෙ. දැන්ද බෟද්ධයො මතක් වෙන්නෙ…වැඩක් නෑ. පවුල බලාගෙන ඉන්නව. නැත්තං එයත් තම්සෙට නෑ… මීට වජිර ඇමතිතුමාගේ ගමිවාසියෙක්….

  11. Sakunthala says:

    ගු ඇන් පී අපථයා

Main News