රන්ජන් සමාව නොගනී.. සිදුවීම යට යැවීමේ උත්සහයක…

February 4, 2017 at 3:26 am | lanka C news
රන්ජන් සමාව නොගනී.. සිදුවීම යට යැවීමේ උත්සහයක…

යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයකු වන රන්ජන් රාමනායක විසින් ප්‍රසිද්ධියේ දුරකතනය මගින් රටේ පරිපාලන සේවයේ පලමු පන්තියේ නිලධාරියෙකුට මෙන්ම කාන්තාවක් වන දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්තුමියට ඉකුත් 26 වෙනිදා ප්‍රසිද්ධියේ බැන වදිමින් අපහාස කිරීමට විරෝධය පලකරමින් ගම්පහ දිස්ත්‍රික් පරිපාලන සේවා සංගමය 30 වෙනිදා එනම් ලබන සඳුදා රාජකාරියෙන් බැහැරව සිටීයහ.

මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්යේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නිලධාරින් සහභාගි විය.

රන්ජන් රාමනායක ඇමතිවරයා එම ද්වේශ සහගත ප්‍රකාශය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කර ගන්නා ලෙස එමගින් බලාපොරොත්තුවන බව සමස්ථ ලංකා පරිපාලන සේවා සංගමය පැවසිය. එහෙත් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා සිටියේ ඇමැති ධූරය අහිමි වුවත් තමා එසේ නොකරන වගයි.

කරුණු සොයා බැලිමේදි පවා හෙලිදරව් වූයේ අදාළ පස් කැපිම සම්බන්ධ වගකීම පස් කැපිමට බලපත්‍රය නිකුත් කල භූ විද්‍ය හා පතල් කැණිම් කාර්යාංශයේ රාජකාරියක් බවත් එයට අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්වරිය සaජුව වගකීමට බැදි නැති බවත්‍ ය, එමෙන්ම එම කාර්යාංශයේ පවතින්නේ ජනාධිපතිවරයා යටතේ ය.

පරිපාලන නිලධාරින්ගේ මතය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් නිසි වෘත්තීය සමිති මාර්ගයේන් තීන්දුවවක් නොගතහොත් මීට වඩා දරුණු තත්ත්වයකට රාජ්‍ය නිලධාරින් මුහුණ දීමට සිදුවන බවත් ඒ අනුව සමස්ථ රාජ්‍ය සේවාවම දැඩී පීඩනයකට මෙන්ම භිතියකට දේශපාලන බලධාරීන් විසින් පත් කරනු ඇතයි සමස්ථ ලංකා පරිපාලන නිලධාරින්ගේ මතය යි.

101 views
Main News