රන්ජන් හද්දා අමරැවක.. ඩිෆෙන්ඩර් බේගලයට බිලියනයක වන්දියක් ඉල්ලා මහින්දානන්ද නඩු දමයි..

September 29, 2016 at 12:00 pm | lanka C news
රන්ජන් හද්දා අමරැවක.. ඩිෆෙන්ඩර් බේගලයට බිලියනයක වන්දියක් ඉල්ලා මහින්දානන්ද නඩු දමයි..

මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක හා එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ යන දෙදෙනාගේ රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු දමා ඇත.

පාර්ලිමේන්තු නිල නිවාස සංකීර්ණයේ නවතා තිබූ ඩිෆෙන්ඩර් රථය තමාට අයත් එකක් බවත්, එය පසුගිය පාලන සමයේ නාවලපිටියේ පහරදීම් හා මිනීමැරුම් සදහා යොදාගත්තේ යයි මාද්‍ය හමුවේ කියමින් තම කීර්ති නාමයට හානි කලේ යයි මන්ත‍්‍රීවරයා පැමිණිල්ලෙන් කියා සිටී.

අපහාසයට ප‍්‍රසිද්ධියේ සමාව නොගන්නේ නම් ඔවුන් දෙදෙනාගෙන් රුපියල් කෝටි පනහ බැගින් වන්දි මුදලක් අය කර දෙන ලෙසද පැමිණිල්ලේ දැක්වෙයි.

34 views
Main News