රන්ජන් හා නඩු කුමන්ත‍්‍රණ කල විනිසුරු ධම්මික හේමපාලගේ වැඩ තහනම් කෙරේ.. පිලපිටියට නිර්දේශ.. පද්මිණිගෙන් කට උත්තර…

January 16, 2020 at 6:48 pm | lanka C news
රන්ජන් හා නඩු කුමන්ත‍්‍රණ කල විනිසුරු ධම්මික හේමපාලගේ වැඩ තහනම් කෙරේ.. පිලපිටියට නිර්දේශ.. පද්මිණිගෙන් කට උත්තර…

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ධම්මික හේමපාල මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර තිබේ.

අධිකරණ සේවා කොමිසම විසින් මෙම වැඩ තහනමකට ලක්කර ඇත්තේ රන්ජන් රාමනායක එජාප මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද සාකච්ඡාව හේතුවෙනි.

මන්ත‍්‍රීවරයා සමග දුරකතනයෙන් සාකච්චා කල විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්දයෙන්ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත කොමිසම විසින් යවා ඇත.

මේ අතර රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කරනලද සියලු විනිසුරන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

ඒ අනුව පද්මිණී රණවක, ගිහාන් පිලපිටිය හා ධම්මික හේමපාල යන විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇත.

270 views

17 Comments to “රන්ජන් හා නඩු කුමන්ත‍්‍රණ කල විනිසුරු ධම්මික හේමපාලගේ වැඩ තහනම් කෙරේ.. පිලපිටියට නිර්දේශ.. පද්මිණිගෙන් කට උත්තර…”

  1. CHAMINDA - SADA STF says:

    MACHO VERY TRUE….
    MUN MAHATHURU DAKALA NA….

Main News