කොකේන් හෙලිකල රන්ජන් හිටියා නම් ඔ්කගෙ හොම්බට අනිනවා.. හරීන් කියයි.. එජාප මන්ත‍්‍රී හමුව ගිනිගනී.. රන්ජන් හමුව මගහැර සැගවේ..

February 21, 2019 at 9:20 am | lanka C news
කොකේන් හෙලිකල රන්ජන් හිටියා නම් ඔ්කගෙ හොම්බට අනිනවා.. හරීන් කියයි.. එජාප මන්ත‍්‍රී හමුව ගිනිගනී.. රන්ජන් හමුව මගහැර සැගවේ..

‘අගමැතිතුමනි, රන්ජන් රාමනායක අද මෙතැන හිටියා නම් මං ඕකගේ හොම්බට දෙකක් ගහනවා’ යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කිරීමත් සමඟම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ඊයේ (20දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1දී පැවැත්විණි.

මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණේ. කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් 24 දෙනකු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කරන ලද ප්‍රකාශයයි.
ප්‍රථමයෙන්ම අදහස් දක්වා ඇති හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනයට ලක්කරන ලදී. මේ අවස්ථාවේදී රන්ජන් රාමනායක සිටියා නම් අනිවාර්යයෙන්ම ඔහුට පහරදෙන බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව ‍ෙදාස්තර රාජිත සේනාරත්න, රවි කරුණානායක, තලතා අතුකෝරල, ජෝන් අමරතුංග, සාගල රත්නායක ඇතුළු අමාත්‍යවරුන් රැසක්ද, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සිඩ්නි ජයරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින්ද රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනය කර ඇත.

මෙවැනි වගකීම් රහිත ප්‍රකාශවලින් ආණ්ඩුවත්, පාර්ලිමේන්තුවත් හෑල්ලු වන බවත් මේ ගැන විනය පරීක්ෂණයක් සිදුකරරන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව යම් පියවරක් ගන්නා ලෙසත් මෙම පිරිස ඉල්ලා ඇත.

රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා නිශ්චිතව නම් ගම් ප්‍රකාශ කර නොමැති බවත් එවැන්නක් කථානායකතුමාට ඉදිරිපත් කර නොමැති නම් වහාම මේ ගැන ප්‍රකාශයක් රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකර එම ප්‍රකාශය ගැන කනගාටු වන බව ප්‍රකාශ කළ යුතු බවද මෙහිදී යෝජනා වී ඇත.

මෙම කාරණය ගැන පරීක්ෂණයක් සිදු කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිවු පුද්ගල කමිටුවක් පත් කළ අතර රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ, නීතිඥ නිශ්ශංක නානායක්කාර යනමහත්වරු ඊට අයත් වෙති.

මෙම ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැමිණ සිටියේ නැත.

– mawbima

84,648 Viewers

14 Comments to “කොකේන් හෙලිකල රන්ජන් හිටියා නම් ඔ්කගෙ හොම්බට අනිනවා.. හරීන් කියයි.. එජාප මන්ත‍්‍රී හමුව ගිනිගනී.. රන්ජන් හමුව මගහැර සැගවේ..”

  1. Samanan says:

    puhul hora karin denei.

    • janith says:

      මම බැලුවා ඒක පාරටම ‌ෙමෙච්චර ‌ෙකෙට්ටු වූනේ ඇයි කියලා අපේ හරීන් ඇමතිතුමා….හරි හරි හරීන්

  2. ratawesiya says:

    mun okkoma ape voteswalin gihilla raja sepa gaannawa. gehenu.,kollo thiyagena, mathdravyo gahamin innawa
    harak minisune mun elawa danna beri nam thopith meriyaw

  3. lolla says:

    I knew Harin will get upset on Coke Matter ……………………

  4. Coke says:

    Cocane Talk da nethinam Cock Talk da? 2/3 baleth pennala ne thiyenney

  5. puran appu says:

    No wonder Harin is panicking, his name is top of the list, he supported weligama drug clan by asking police to release drug dealers from custody, Harin and his mistress use drugs every weekend and have drug parties at their den in colombo. Police know these parties but scared to raid. drugs supplies by natalie the drug queen of colombo. hope one day the stories will come out.

  6. Nihal says:

    cocaine Harin – Long live kudupalanaya

  7. john says:

    Harin Fernando is also club man…..No work done yet other than opening his dog style stingy / smelly/ mouth..

    Unqualified moron…. Not even O/L passed….

    Engilla Gaha ganin thoge passe harin ….. Digital Beluma

  8. Pasbara says:

    හරීනුත් කොකේන් බිස්නස් එකට බැහැලද? ඔව් ඉතින් කලු පොලී මුදලාලිගේ පුතන්ඩියනෙ.

  9. dinesh guruge says:

    puran appu, you are spot on about the cocaine Harin , he and Natalie ( the karma club ) owner is the main drug dealers to the clubs in Colombo, you only need to go to the toilets in big night clubs in weekends an its full of drug takers , all rich kids addicted to cocaine. The drug dealer should be hanged as a lesson to everyone, President should not listen to NGO’S and other do- Gooders .

  10. desabimanaya says:

    අහංකරකමෙන් පුමිබාගත් මෝඩ තකතීරැ හැතිකරයටයි ………..තොපේ මෙි නරිනාටක පැත්ත දමල මිනිසුන්ට ඉතිරි දවස්ටික ඇතුලතවත් වත් දැනෙන සේවයක් කරපියවි . ඒක බැරිනමි පොළවයට එක එකා බංකර හදාගන්න සෙටි වෙයවි

  11. Marusira says:

    තොප්පිය හරියටම දාගෙන තියෙන්නේ මු තමයි පාර්ලිමෙන්තුවෙිදි 3/2 පෙන්නුවෙි ඩිජිටල් පාදඩයා

  12. අලුගුත්තේරුවා says:

    මේ කතා ඇත්ත උණත් බොරු උණත්, මේ කේස් ඔක්කොම එකට තියල තද යූ එන් පී කරයෝ එකෙකුට දෙන්නෙකුට අරිනවා, සොරි ඩොට් කොම් වෙන්ඩම. ඊට පස්සෙ යූ එන් පී එක තමන්ගෙ පාරිශුද්ධ භාවය කියමින් රට පුරා ඒක අරගෙන ගිහින් ඡන්දෙකට යනවා. රන්ජලා, විජේසිරිලා ඔය කොරන්නෙ රනිලගෙ කොන්තරත් එකක්.

  13. නිළමේ says:

    හරේන්ගේ කෙස්ගස් පරීක්ෂණයක් කරන්න.

Main News