රන්ජන් හිරේදී සියදිවි නසාගන්න යයි.. මානසිකව බින්දුවටම වැටිලා..

May 7, 2021 at 9:20 am | lanka C news
රන්ජන් හිරේදී සියදිවි නසාගන්න යයි.. මානසිකව බින්දුවටම වැටිලා..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක රඳවා සිටින අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ.

සිර දඬුවම් ලැබීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා දැඩි මානසික කඩා වැටීමට ලක්ව ඇතැයි සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වෙමින් ඇත.

මේ තත්ත්වය මත කෙසේ හෝ ජනාධිපතිවරයාගෙන් ජනාදිපති සමාව ඉල්ලා දෙන්නයි ඔහු විසින් කරන ලද ඉල්ලීමක් අනුව විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා එහිදී කරන ලද දැන්වීම අනුව රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව ඉල්ලා තම අත්සනින් යුතු ලිපියක් සජිත් ප්‍රේමදාස මහතාට භාරදී තිබේ.

නමුත් මෙතෙක් එම ලිපිය ජනාධිපතිට ලැබී නැතැයි ද වාර්තා වෙයි.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත රන්ජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට වසර 04ක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර තිබේ.

97,278 views

57 Comments to “රන්ජන් හිරේදී සියදිවි නසාගන්න යයි.. මානසිකව බින්දුවටම වැටිලා..”

  1. තම්බ රානි says:

    මුගේ අවලං වැඩ නිසා බාල වයසේ ගෑනු ලමයි කීදෙනක් සිය දිවි නසා ගන්න ඇතිද ? තවත් විවිධ කාන්තාවට සමාජයට මුහුණ දෙන්න බැරි කරපු අවස්ථා කොපමණ ද? කරපු වනචර කම් වලට මූට පල දෙන්න ඕනෑ.

  2. කුඹුක්කණ් says:

    කරන්න දෙයක් නෑ, මූට සමාව දෙනවනං අවුරුදු 4 ක හෝ ඊට අඩු දඬුවම් ලබා සිටින සියලු දෙනාට සමාව දිය යුතුය.

  3. Gehan Jayawardene says:

    Let him die.
    Dont even ask the President to release that scumbag, it will destroy his name.

Main News