රන්ජා හාන්සියි.. සමාව ගන්න දින 04ක් දෙයි.. නොගත්තොත් රට පුරා පරිපාලන සේවා වර්ජනයේ..

January 30, 2017 at 6:48 pm | lanka C news
රන්ජා හාන්සියි.. සමාව ගන්න දින 04ක් දෙයි..  නොගත්තොත් රට පුරා පරිපාලන සේවා වර්ජනයේ..

දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව ගැනීමට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට පෙබරවාරි 03 වැනි දින දක්වා කාලය ලබා දෙන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

ඇමතිවරයා සමාව නොගන්නේ නම් රට පුරා දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔවුන් සදහන් කරයි.

පසුගියදා ඇමතිවරයා විසින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට ‘හොම්බ තලනවා.. තොට හෙන ගහනවා’ යයි ප‍්‍රසිද්ධියේ බැණ වැදින.

125 views