රත්පුරයට ගංවතුර… ජනතාව ඉවත් කෙරේ…

July 18, 2019 at 7:21 pm | lanka C news
රත්පුරයට ගංවතුර… ජනතාව ඉවත් කෙරේ…

ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර ප‍්‍රදේශයෙන් කළු ගඟ පිටාර ගලා ඇත.

අද පස්වරුවේ රත්නපුරයේ ජල මාපක අගය මීටර් 7.5ක් ඉක්මවා ගොස් තිබින.

රක්නපුර දිස්ත‍්‍රික් ලේකම්වරිය සදහන් කරන්නේ එය සුළු ගංවතුර තත්ත්වයක් බවයි.

දැනටමත් රත්නපුරයේ රත්නපුර, ඇලපාත, පැල්ලමඩුල්ල පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙන අතර ගඟ දෙපස ජනතාවට වහා ඉවත් වන්නැයි දැනුම් දී ඇත.

මේ අතර ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටමද ඉහල ගොස් ඇති අතර ගග ආසන්න ජනතාවට සැලකිලිමත් වන්නැයි දන්වා ඇත.

110 views
Main News