රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකින් මුදල් හා රන්භාණ්ඩ කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට…

April 10, 2019 at 2:07 am | lanka C news
රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකින් මුදල් හා රන්භාණ්ඩ කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට…

වවුනියාව පූන්තෝට්ටම් ප‍්‍රදේශයේ රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකට ඇතුළු වී රුපියල්  ලක්ෂ 18 ආසන්න වටිනාකමින් යුත් මුදල් හා රන්භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයකු වවුනියාව පූන්තෝට්ටම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පසුගිය 01 වැනිදා රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන ඇතුඵවී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී සැකකරු හා කොල්ලකෑ මුදල් හා රන්භාණ්ඩ සොයාගනු ලැබීය.

කොල්ලකාර සැකකරු විසින් උකස් මධ්‍යස්ථානයේ තිබූ රුපියල් දස ලක්ෂයකට අධික වටිනාකමින් යුත් මුදල් හා රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා රන්පවුම් 12ක්ද සොරාගෙන ඇති බවට වව්නියාව පොලීසියට පැමිණිළි ලැබුණි.

පොලිසිය පැවසූයේ සැකකරු කොල්ලය සදහා දින කිහිපයක් සැළසුම් කොට ඇති අතර ඒ අනුව උකස් මධ්‍යස්ථානය වසාදමන අවස්ථාවේ සැකකරු එයට ඇතුළුවී රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමෙන් අනතුරුව පසුදින පිටව ගොස් ඇති බවටයි.

අත්අඩංගුවටගත් සැකකරු රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානය අයත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාරික ස්ථානයක කම්කරුවකු ලෙස සේවයකරන අයකු බවපොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර සැකකරු උගස් මධ්‍යස්ථානයෙන් කොල්ල කා පිටව යන අවස්ථාවේ ඔහු විසින් උකස් මධ්‍යස්ථානයේ සි.සි.ටි.වි පද්දතියට හානිකොට පලාගොස් තිබුණි.

අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව සුන්දරපුරම් පදිංචි 28 හැවිරිදි අයකු වන අතර සැකකරු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට වව්නියාව පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,235 Viewers
Main News