රන් දිනු දිනේෂ් ගජබා රෙජිමේන්තුවේ.. ජනාධිපති, ආරක්‍ෂක ලේකම් හා මාත් ගජබා..- හමුදාපති

August 30, 2021 at 10:22 pm | lanka C news
රන් දිනු දිනේෂ් ගජබා රෙජිමේන්තුවේ.. ජනාධිපති, ආරක්‍ෂක ලේකම් හා මාත් ගජබා..- හමුදාපති

ජපානයේ දී පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කළ දිනේෂ් ප්‍රියංකරට යුද හමුදාවෙන් උසස්වීමක් ලබා ඇත.

ඒ අනුව ඔහු සාමාන්‍ය සෙබලෙකුට ලැබෙන ඉහලම උසස් වීම වන සාජන් නිලයේ සිට ‘බලලත් නිලධාරි 01’ දක්වා උසස් කර ඇත.

මෙම උසස්වීම පිරිනමා ඇත්තේ ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය යුද හමුදාපතිවරයා විසිනි.

අදාල ජයග්‍රහණය සම්බන්ධයෙන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද මෙසේ ජයග්‍රහකයාට මෙසේ සුබ පැතුම් එක් කළේය.

‘පැරාලිම්පික් තරගාවලියට සහභාගීවීමට ප්‍රථම පැමිණ මාව හමු වුනා. ඒ අවස්ථාවේදී මේ වීරෝදාර රණවිරුවා ප්‍රකාශ කර සිටියේ ඔහු විසින් රන් පදක්කම අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බවයි. ඔහු නියෝජනය කරන අප ගජබා රෙජිමේන්තුව මම, රටේ ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා තිදෙනාම සේවය කරපු සේවය කරන්න රෙජිමේන්තුවට අයත්. අපේ උණුසුම් සුභ පැතුම් පිරිනමනවා’

52,022 views
Main News