උඩරට ගිවිසුම 1815 අත්සන් කොට අපේ මව්බිම බ්‍රිතාන්‍යයට දුන්නාට නොදෙවෙනි හම්බන්තොට වරාය චීනයට දීම අද කොළඹදි සිදු වූ වගයි..

July 29, 2017 at 11:20 am | lanka C news
උඩරට ගිවිසුම 1815 අත්සන් කොට අපේ මව්බිම බ්‍රිතාන්‍යයට දුන්නාට නොදෙවෙනි හම්බන්තොට වරාය චීනයට දීම අද කොළඹදි සිදු වූ වගයි..

එදා උඩරට ගිවිසුම 1815 අත්සන් කොට රට බ්‍රිතාන්‍යයට අපේ මව්බිම දුන්නාට නොදෙවෙනි හම්බන්තොට වරාය චීනයට දීම අද එනම් 2017 ජූලි මස 29 වෙනිදා කොළඹදි සිදු විය.

හම්බන්තොට වරාය වසර 99 කට චීන මර්චන්ට් සමාගමට පැවරිමේ ගිවිසුමට අත්සන් කරමිනි.

මෙරටේ මතු පරම්පරාවට අයත් මේසා විශාල වටිනා දේපලක් චීන සමාගමට පැවරීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් ගොනුකර ඇති අවස්ථාවක ශ්‍රීලංකා වරාය අධිකාරියේ පනත උල්ලංඝනය කරමින් වසර 99 ක් සඳහා බදු දීම ගැන මහා බැංකු බැදුම්කර වංචාව මෙන්ම කොමිසමක් ඉදිරියේද විභාග වනු ඇත.

එවිට අපේ රටේ මේ වටිනා සම්පතට වෙන්න ඕන දෙය අද සිදු වී හමාර බව ජනතාවට මහත් සංවේගයෙන් දැනුම් දෙමු.

136 views
Main News