රන් බිස්කට් තොගයක් සමග පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවේ..
August 4, 2017 at 5:30 pm | lanka C news
රුපියල් එක්කෝටි හාරලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 16 ක් පොලීසියට නොදන්වා ලඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.
ගෙවී ගිය ජූලි මස 26 වනදා මන්නාරම පේසාලෙයි මුහුදු තීරයේදී මෙරට සිට ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ අදාල රන් බිස්කට් 16 ක් පිලිබඳ තොරතුරක් පේසාලෙයි පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකුට තොරතුරක් ලැබී ඇති අතර අදාල පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යැයි පවසා පේසාලේ මුහුදු තීරයේදී අදාල රන් බිස්කට් ලග තබාගෙන සිටි පුද්ගලයාගෙන් අත්අඩංගුවට ගන්නා බව පවසා ගෙන ඇත්තේ එම රන් බිස්කට් තොගය පමණි.
අනතුරුව අදාල රන් බිස්කට් ලග තබාගෙන සිටි පුද්ගලයා වූ කනපති පොන්නම්බලන් නැමත්තෙකු විසින් ඊයේ (03) මන්නාරම් පොලීසියට පැමිණිළි කොට ඇත්තේ තමන් ලග තිබූ රන් බිස්කට් 16 ක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බුද්ධිඅංශ නිලධාරීන් ලෙසින් පැමිණ රැගෙන ගිය බවටයි.
අනතුරුව අදාල රන් බිස්කට් තොගය මෙතෙක් පොලීසිට ඉදිරිපත් කිරීම හෝ දැනුම් නොදීම මත අදාල රන් බිස්කට් තොගය ගත් පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනා වූ 87603 රාකිලර් හා 89043 ජමල්ඩීන් හැපික් නැමති දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීම් වලින් පසුව අදාල රන් බිස්කට් තොගය පොලිස් නිලධාරීන් දෙදෙනා සතුව තිබී හමු වී ඇත.
එක් රන් බිස්කට්ටුවක පවුම් දොලහමාරක් අඩංගු වන අතර එක් බිස්කට්ටුවක මිල වශයෙන් රුපියල් ලක්ෂ හයහාමාරක් පමණ වෙයි මේ අනුව එම මුලු රන් බිස්කට්හි වටිනාකම රුපියල් ලක්ෂ 104 කි.
රන් බිස්කට් ලග තබාගෙන සිටි පුද්ගලයාද මේ වන විට අත්අඩංගුවට ගෙන අදාල පොලිස් නිලධාරීන් දෙදෙනාද සමග ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන මන්නාරම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Meka Thambi Thoppiyak.