‘රන් මාවත්’ 200ක් ජනතා අයිතියට..
March 16, 2019 at 2:13 am | lanka C news
යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ‘රන් මාවත්’ සංකල්පය යටතේ ජනතා අයිතියට පත් කිරීමේ ජාතික මහෝත්සවය මාර්තු 17 වන දින සිදුකෙරේ.
මෙහි සමාරම්භය මාවනැල්ල හෙම්මාතගම ගම්පොල මාර්ගය, මාවනැල්ල – අරණායක මාර්ගය, මාවනැල්ල – රඹුක්කන යන මාර්ග සහ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක යාකරමින් ඉදි කල කොච්චිකඬේ නව පාලම ජනතා අයිතියට පත් කරමින් සිදු කෙරෙනු ඇත.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල නගරයේදී සහ කොච්චිකඬේ පාලම අසලදී පෙ.ව.10.30ට සමාරම්භක උත්සවයන් පැවැත්වේ.
මීට සමගාමීව දිවයිනේ සියලූ දිස්ත්‍රික්ක ආවරණය වන පරිිදි ‘‘රන් මාවත්’’ මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පැවරෙන අතර එ් වෙනුවෙන් ආයෝජනය කර ඇති සමස්ත මුදල රු.කෝටි 3000කට අධික වේ.
– සංජය මහලියන
එක කිලෝමීටරයකට ගිය ගාන දැනගන්න අවශ්‍ය නම් අකුදි සහෝදරයා හමුවන්න.
හොයාගන්න අමාරු නම් රනිල් හාමුගේ කුස්සිය පැත්තේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.
‘රන් මාවත’ ?….නොදන්නා කමට හරි නියම නම තමා දාලා තියෙන්නේ…මොකද වියදම කෝටි 3000ක්?…රත්තරන් කුඩු කලවම් කරලා වෙන්න ඇති පාරට තාර දාලා තියෙන්නේ…