රනිල්ගෙන් තවත් පොල්ලක්.. සජිත් හම්බන්තොටටම හිර කරයි.. කොළඹ පැනිල්ල තහනම් කරයි.. හරීන් බදුල්ලේ හිර කරයි..

December 11, 2019 at 6:48 pm | lanka C news
රනිල්ගෙන් තවත් පොල්ලක්.. සජිත් හම්බන්තොටටම හිර කරයි.. කොළඹ පැනිල්ල තහනම් කරයි.. හරීන් බදුල්ලේ හිර කරයි..

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අපේක්ෂකයෙකුට දැනට නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන් වෙනත් දිස්ත්‍රික්කයකින් ඉදිරිපත් වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් තහනම් කිරීමට කටයුතු කර ඇත.

මෙම තීන්දුව ගෙන ඇත්තේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමග වූ සාකච්ඡාවේදීය ය.

මහ මැතිවරණය ජය ගත් සියලු දෙනා මෙවරද පාර්ලිමේන්තුව මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇති අරත එම කිසිදු මන්ත්‍රීවරයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් ලබා නොදීමට තීන්දු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද හරින් ප‍්‍රනාන්දු මහතා මහතා බදුල්ල අතහැර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඉදිරිපත් වීමට ඇති සූදානම මේ අනුව අහෝසි වී යනු ඇත.

177 views

17 Comments to “රනිල්ගෙන් තවත් පොල්ලක්.. සජිත් හම්බන්තොටටම හිර කරයි.. කොළඹ පැනිල්ල තහනම් කරයි.. හරීන් බදුල්ලේ හිර කරයි..”

  1. Saman says:

    Unp dinavamu

  2. නිළමේ says:

    යූඇන්පිය ගොඩගන්න කිසිම නායකයෙක් මින් මතු පහළ නොවේ. අන්තිම තුරුම්පුව තමයි ” සජිත්” ලලිත් , ගාමිණී මැරුව විපාකය උන්ටම පඩිසන් දීලා. යූඇන්පිය ආයි දිනවන්න ඔනම නං, එක්කෝ මහින්ද නැත්නං ගෝඨාභය ආවොත් නං ආපහු යූඇන්පිය දිනවන්න පුළුවන්. අද කීව කියල ලියල තියාගනිල්ලා.

  3. උණ්ඩි රාල says:

    සජි ප්‍රේමදාසය බලන්නේ මුජිබර් රහමන්ගේ මැද කොළඹට පනින්න, මුජිබර්ව නන්නත්තාර කරලා. ඔය නායකකම පෙන්වන හැටිද? දෙන්න එපා කැරලිකාරයෝ එකෙකුටවත් UNP නොමිනේෂන්.

  4. don katugampala says:

    1994 di ranil biyagamin paradinna vena nisa hemihita colombo central ekata penagaththa premadasage asaneta mu mara gadda, sajithta hambanthota yanna une ekayi.

  5. සරා says:

    ඉදිරි මහ මැතිවරනයේදි සජිත් ඇන්ඩ් ද ක්ලෑන් හා රනිල් ඇන්ඩ් ද ක්ලෑන් ලා සියල්ල එක මිටට පරදිනවා.සජිත් එක දිගට තම ආසනය පරදින 10වැනි පාර ‌ෙවෙනවා ඉදිරි මැතිවරනයේදි.ඒවගේම අජිත්.පී.‌ෙපෙරේරා ඇතුල සජිත්ගේ අද බාල ‌ෙසෙට් එකම තම තමන්ගේ ආසනද පරදිනවා.අපි බලන් ඉන්නේ පරදින ගාන කීයද කියලා විතරයි.

Main News